Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්රිකට් තරගාවලියේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ කොළඹ වේළුවන විදුහල අතර බණ්ඩාරගම මහජන ක්රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් විය.
එහිදී ඩී.එස්. සේනානායක විදුහලේ මලිත පෙරේරා (60 සහ නොදැවී 83) ඉනිම් දෙකේදීම අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූ අතර දිලාෂ් කුමාරනායක සහ ඉමේෂ් අදීෂ කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ඩී.එස්. සේනානායක විදුහල් පළමු ඉනිම - ඕවර 34 කදී කඩුලු 5 ක් දැවී 212
(මලිත පෙරේරා 60, සතිෂ්ක ප්රනාන්දු 36, ඉමේෂ් අදීෂ 38, අකින්ද වීරසූරිය නොදැවී 25, මිනිඳු කවීෂ 41/4)
වේළුවන විදුහල් පළමු ඉනිම - ඕවර 47.5 කදී සියලු දෙනා දැවී 125
(කවිඳු රණහංස 46, චොනිඳු යෙත්මින් නොදැවී 26, දිලාෂ් කුමාරනායක 09/3, ඉමේෂ් අදීෂ 31/3, දිනාල් පතිරණ 25/2)
ඩී.එස්. සේනානායක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 11 කදී කිසිවකු නොදැවී 125
(මලිත පෙරේරා නොදැවී 83, සතිෂ්ක ප්රනාන්දු නොදැවී 21)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.