Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩී.එස්.අයි. සුපර් ස්පෝට්ස් තරගාවලියට සියල්ල සූදානම්

ඩී.එස්.අයි. සුපර් ස්පෝට්ස් තරගාවලියට සියල්ල සූදානම්

editorial - 2024 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

මැයි  31 වැනිදා  දක්වා කණ්ඩායම් වෙතින් ඇයැදුම්පත් බාර ගැනෙන ඩී.එස්.අයි. සුපර්  ස්පෝට්ස්  අන්තර්  පාසල්  වොලිබෝල්  තරගාවලිය(2024) ජූනි  15 වැනිදා  ආරම්භ කෙරේ.වසරේ  පැවැත්වෙන  ප්‍රධානතම අන්තර්  පාසල්  වොලිබෝල්  තරගාවලියට මෙවරත්  කණ්ඩායම් 4000 ක් ඉක්මවමින්  ඇයැදුම්පත් ඉදිරිපත් වනු  ඇතැයි සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

වයස 11න් පහළ, 13 න් පහළ, 15 න් පහළ 17 න් පහළ, හා 19 න් පහළ  බාලක  හා බාලිකා  පරිදි  කාණ්ඩ 10 කින් මෙහිදී තරග  පැවැත්වීමට නියමිතය.මූලික වටය හෙවත්   දිස්ත්‍රික්  තරග  වටය ජූනි 15,16 22,23,29,30 හා ජූලි 6,7,13,14,20,21 යන දිනවලදී  දිවයිනේ දිස්ත්‍රික්  කලාප 25 කදී පැවැත්වෙයි.

අනතුරුව පැවැත්වෙන ජාතික  මට්ටමේ තරග වටය සදහා  එකී සියලු කාණ්ඩයන්ගෙන් දිස්ත්‍රික්  තරග  වටයේ ශූරතාව හා අනුශූරතාව ලබන  බාලක  හා බාලිකා කණ්ඩායම් 500 ක් අගෝස්තු  7 වැනිදා ආරම්භ වන ජාතික  තරග වටය  සදහා  නිර්දේෂ ලබති.මෙම  තරග වටය එතැන්  සිට අගෝස්තු  11 වැනිදා දක්වා පැවැත්වෙයි.

අවසන්  මහ තරග  නොවැම්බර්  2 හා 3 යන දිනවලදී  කොළඹ  සුගතදාස ගෘහස්ථ පිටියේදී  පැවැත්වීමට මේ වන  විට සැලසුම්  කර තිබේ.

මෙවර තරගාවලිය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී  ලංකා  වොලිබෝල්  සම්මේලනයේ  ලේකම් ඒ.එස්. නාලක මහතා කණ්ඩායම් ඉදිරිපත් කිරීමේදී  හදුන්වාදී  තිබෙන කොන්දේසි  මාලාව  ඒ ලෙසම ක්‍රියාත්මක  කිරීමට තීරණය  කර ඇතැයිද  පැවැසීය

තරග ඇයැදුම් පත්‍ර ලබා ගැනීමේ පහසුකම්  වැඩි දියුණු කරමින් මෙවර පළමු වතාවට ඒ සදහා  කිව්. ආර්. (QR) කේතයක් හදුන්වාදී තිබේ. තරග ඇයැදුම් පත්‍රිකා දිවයින පුරා පිහිටි  ඩී.එස්.අයි. අලෙවිහල් හා ප්‍රදර්ශනාගාරවලින්  හැරෙන්නට www.avi.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන්ද ලබා ගත හැකිය.

තරගාවලිය පිළිබඳව  වැඩි තොරතුරු  දුරකථන  අංක 0112669344, ඔස්සේ ශ්‍රී  ලංකා  වොලිබෝල්  සම්මේලනය ඇමැතීමෙන් හෝ ශ්‍රී  ලංකා  පාසල්  වොලිබෝල්  සංගමයේ  ලේකම් චමින්ද  කුමාර  මහතා  දුරකථන  අංක  0773329702 ඔස්සේ ඇමැතීමෙන් ලබා ගත හැකිය.

ඇයදුම් පත්‍ර පිරවීමෙන් පසුව ඒවා ඩී.එස්.අයි.ප්‍රදර්ශනාගාර වෙත හෝ මහරගම නාවින්න හයිලෙවල්  පාරේ  පිහිටි ඩී. එස්.අයි. ප්‍රධාන  කාර්යාලයේ අලෙවි අංශය වෙතද බාර දිය හැකිය.

මෙම තරගාවලියේ අවසන්  මහ තරග  ශූරයන් අනුශූරයන් හා තෙවැනි ස්ථාන සදහා  හැරෙන්නට  දිස්ත්‍රික් ශූරතා හා අනුශූරතා ලබන කණ්ඩායම් සදහා ද මුදල් තෑගි රැසක්  ප්‍රදානය  කිරිමට මෙවර 21 වැනි  වතාවටත් තරග මාලාවට අනුග්‍රහය  දක්වන ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගම ඩී.එස්.අයි. සන්නාමය  යටතේ  ඉදිරිපත්ව  සිටියි.

 

ශ්‍රී  ලංකා  වොලිබෝල්  සම්මේලනයේ  සභාපති කංචන ජයරත්න මහතා වෙත ඩී. සැම්සන්  සහ පුත්‍ර  සමාගමේ කළමනාකාර  අධ්‍යක්ෂ  තුසිත  රාජපක්ෂ මහතා නිපෝන් හෝටලයේදී  නිල අනුග්‍රහය  ප්‍රදානය  කළ අයුරු. මෙම අවස්ථාවට වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්.නාලක,පාසල් වොලිබෝල්  සංගමයේ සභාපතිනි ඉන්දු සමරකෝන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ( ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) අතුල විජේවර්ධන, එහි  අධ්‍යක්ෂ අසංක රාජපක්ෂ, සාමාන්‍යාධිකාරී ප්‍රදීප් සමරතුංග  යන මහත්ම මහත්මීහු  සහභාගි  වූහ.


අදහස් (0)

ඩී.එස්.අයි. සුපර් ස්පෝට්ස් තරගාවලියට සියල්ල සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.