Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයි.සී.සී. තරඟ තීරක ඩේවිඩ් බූන් මහතාට සිදුකරන ලද පි.සී.ආර්. පරීක්‍ෂණයක් ධනාත්මක වීමත් සමඟ අළු බඳුන තරගාවලියේ සිව්වැනි තරගයට එක්වීමේ අවස්ථාව ඔහුට අහිමිව යනු ඇත.
කොරෝනා වයිරසය ආසාදනය විම හේතුවෙන් ඩේවිඩ් බූන් මහතා සිඩ්නිහිදි පැවැත්වෙන ටෙස්ට් තරගයට එක් නොවන බවත්, නමුත් ඔහු තරගාවලියේ පස්වැනි සහ අවසන් තරගයේදී නැවත පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
අයි.සී.සී. ජාත්‍යන්තර තරග තීරකවරුන්ගේ මණ්ඩලයේ සාමාජිකයකු වන නිව් සවුත් වේල්ස්හී ස්ටීව් බර්නාඩ් මහතා ලබන 5 වැනිදා සිඩ්නිහිදි පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලියේ සිව්වැනි තරගයේ තීරකවරයා ලෙස කටයුතු කරනු ඇත.
“ජනවාරි 14 වැනිදා සිට හොබාර්ට් හිදි ආරම්භවන පස්වන ටෙස්ට් තරගය සඳහා ඩේවිඩ් බූන් මහතා නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඔහුට රෝග ලක්ෂණ නොපෙන්වා ඇති අතර තෙවැනි එන්නත ඇතුළුව සම්පූර්ණයෙන්ම ඔහු එන්නත් කරණයට ලක්වී ඇත.
බූන් මහතා මෙල්බර්න් හි නතර වනු ඇති අතර වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ඔහුට දින 10 ක් නිරෝධායනය වීමට සිදුවේ.
දෙසැම්බර් 27 සඳුදා සිට කණ්ඩායම් දෙකේම සියලුම ක්‍රීඩකයින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, එංගලන්ත සහ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම් වල සහය කාර්ය මණ්ඩලය සහ තරඟ නිලධාරීන් දිනපතා පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක්කරනු ඇත.
කොරෝනා ආසාදිතයකු සමග සමීප සම්බන්ධතාවක් ඇති බව හඳුනා ගැනීම හේතුවෙන් එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාට සිඩ්නි හි පැවැත්වෙන සිව්වන අළු බඳුන ටෙස්ට් තරගය අහිමි වන බව දැනුම් දුන් දිනයේදීම බූන් මහතාගේ ධනාත්මක ප්‍රතිඵලයද පැමිණියේය.
සිල්වර්වුඩ් මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙල්බර්න් හිදි දින 10 ක් නිරෝදායනය විය යුතුය. වයිරසය ආසාදනය වූ පන්දු යැවීමේ පුහුණුකරු ජෝන් ලුවිස්, දඟ පන්දු යැවීමේ පුහුණුකරු ජීතන් පතෙල් සහ පුහුණුකරු ඩැරන් වේනස් යන තිදෙනාද වයිරසය වැළඳීමෙන් පසු මේ වනවිට හුදෙකලාව සිටිති.
සිල්වර්වුඩ් වෙනුවට පිතිකරණ පුහුණුකරු ග්‍රැහැම් තෝර්ප් මහතා සිඩ්නි හිදි පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලියේ සිව්වැනි තරගයේදී එංගලන්ත පුහුණුකරු ලෙස පෙනී සිටීමට නියමිතය.
මේ වනවිට එංගලන්ත සංචිතයේ සාමාජිකයන් 7 දෙනෙකුට කොරෝනා වයිරසය වැළඳී ඇත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.