Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මීළඟ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකානු පිලේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඬේවිඞ් වීස් නැමීබියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව බව නැමීබියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පියරේ ඩි’බ්‍රයන් මහතා පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී තහවුරු කර ඇත.
දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරග 6 කට සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 20 කට ක්‍රීඩා කර ඇති ඬේවිඞ් වීස් ඒවායේදී ලකුණු 194 ක් සහ කඩුලු 33 ක් ලබා ගත්තේය.
දකුණු අප්‍රිකානු ජාතික තේරීම් කමිටුව විසින් ඔහුව නොසලකා හැරීම හේතුවෙන් 2017 ජනවාරි මාසයේදී සසෙක්ස් ප්‍රාන්තය සමඟ වසර තුනක ගිවිසුමකට ඔහු අත්සන් කළේය. මේ වනවිට 36 හැවිරිදි වියෙහි පසුවන වීස්, 2016 දී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයකදී අවසන් වරට දකුණු අප්‍රිකානු කමිසයෙන් සැරසී සිටියේය.
ඬේවිඞ් වීස්ගේ පියා නැමීබියාවේ ඉපදුණු බැවින් ඔහුට නැමීබියාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබී ඇත.
“ඬේවිඞ්ගේ තාත්තා මෙහි ඉපදුන නිසා නැමීබියාවේ ක්‍රීඩා කිරීමට ඔහුට සුදුසුකම් තියෙනවා. ඔහු මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන ‘ද හන්ඩ්‍රඞ්’ තරගාවලියට ක්‍රීඩා කරන අතර ඉන් පසුව ඔහු අප සමඟ එකතු වනු ඇත. ලෝක කුසලානයෙන් පසුවත් ඔහුගේ සේවය ලබා ගත හැකි බැවින් මම ඒ ගැන බෙහෙවින් සතුටු වෙනවා” යැයි පුහුණුකරු පියරේ ඩි’බ්‍රයන් මහතා පැවසීය.
“ඔහු ක්‍රීඩා කරන සසෙක්ස් කණ්ඩායම, අර්ධ අවසන් පූර්ව වටයේ සිටින බැවින් ඔහු කෙතරම් දුරට එහි යනවාදැයි අපි බැලිය යුතුයි. නමුත් ඔහුට අවම වශයෙන් නිදහස් රාජ්‍ය සංචාරයට එක්වීමටවත් හැකි වේ යැයි මම බලාපොරොත්තු වෙනවා” යැයි නැමීබියාවේ දිනපතා ඉංග්‍රිසි පුවත්පතකට ඩි’බ්‍රයන් මහතා වැඩිදුරටත් පැවසීය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.