Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගෘහස්ථ ක්‍රීඩාංගණයක තරග වැදීමේ පළමු අත්දැකීමම ජාතික මට්ටමේ ජයග්‍රාහණයකට හරවා ගත් අම්පාර උහන තිස්සපුර විදුහල් ක්‍රීඩිකාවෝ අන්තර් පාසල් ඩී. එස්. අයි. සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරගමාලාවේ වයස 14 න් පහළ බාලිකා ශූරතාව දිනා ගැනීමට සමත්වුහ.
අවසන් මහා තරග ආරම්භ කරමින් අද පැවැති වයස 14 න් පහළ බාලිකා අවසන් මහා තරගය වට 3-1 ක් ලෙස ජය ගැනීමට උහන තිස්සපුර විදුහල් කණ්ඩායම සමත්වුයේ හුංගම විජයබා ජාතික පාසල් කණ්ඩායම පරාජයට පත් කරමිනි. එහිදී තිස්සපුර විදුහල් ක්‍රීඩිකාවෝ ලකුණු 17/25, 25/17, 25/19, 25/17 ක් පරිදි තරගය ජය ගැනීම වඩාත්ම අවධානය දිනා ගත්තේ පළමු වටයේදී ලද පරාජයෙන් යළි නැඟී සිටීමට සමත්වීම තුළිනි.
කෙසේ වුවත් දිගාමඩුල්ල ප්‍රදේශයේ දුෂ්කර පාසලක ක්‍රීඩිකාවන් ලෙස මීට පෙර ගෘහස්ථ පිටියක අත්දැකීම් නොලැබු ඔවුන් ජාතික මට්ටමේ ප්‍රධානතම වොලිබෝල් තරගාවලියක අවසන් මහා තරගයට පිවිසි පළමු අවස්ථාව ලෙසත් ඔවුන් එම අභියෝගය වඩාත් සාර්ථක අයුරින් ජය ගැනීම දිරියෙන් නැඟී සිටින කණ්ඩායම් වෙත ආදර්ශයක් බව වොලිබෝල් ප්රවීණයන්ගේ මතයයි.
තරගාවලියට සහභාගිවීම සඳහා පෙරේදා (14) කොළඹට පැමිණි එම කණ්ඩායමට මෙන්ම ප්‍රතිවාදී හුංගම විජයබා ජාතික පාසල් කණ්ඩායමට ද ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ මැදිහත්වීමෙන් කොළඹ නවාතැන් පහසුකම් සලසා දුන් බවද වාර්තාවේ.
වයස 14 න් පහළ බාලිකා ශූරතාව ගියවර (2013) දිනා ගත්තේ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ රක්වාන රත්නාලෝක විදුහල් කණ්ඩායමයි.
මෙවර තරගවලියේදී දක්ෂතම පන්දු ඔසවන්නිය ලෙස ශිවන්ත මධුමාලිද (තිස්සපුර විදුහල), දක්ෂතම පන්දු ප්‍රහාරිකාව ලෙස කෞමදී තස්මීරා විජේවීර (විජයබා පාසල) සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අමන්දි භාග්‍යා බාලසුරියද (තිස්සපුර විදුහල) විශේෂ සම්මාන ලැබුහ.
කුරුණෑගල මලියදේව ආදර්ශ මධ්‍ය විද්‍යාලය තරග වට 2-1 කින් පරදවා රුවන්වැල්ල කොටළුගොඩ කන්ද කනිෂ්ඨ විද්‍යාලය බාලිකා තෙවැනි ස්ථානය ලැබීය.
තරගමාලාවේ වයස 16 න් පහළ සහ 18 න් පහළ බාලක සහ බාලිකා අවසන් මහා තරග හතරක් හෙට (16) පෙරවරු 8.30 සිට මහරගම ජාතික තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.
තරගමාලාවේ ජය සංකේත ප්රදානෝත්සවය අද පස්වරු 5 ට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
බාලිකා ශූරතාව (වයස 14 න් පහළ) දිනා ගත් අම්පාර උහන තිස්සපුර විදුහල් කණ්ඩායම |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.