තන්වීර් - මුනාෆ් මහනුවර පිලට
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ මහනුවර ටස්කර්ස් කණ්ඩායම වෙනුවෙන් වේගපන්දු යවන්නන් වන පාකිස්තාන ක්‍රීඩක සොහෙල් තන්වීර් සහ ඉන්දීය ක්‍රීඩක මුනාෆ් පතෙල් කැඳවා තිබේ.
ආබාධයක් හේතුවෙන් එංගලන්ත ක්‍රීඩක ලයම් ප්ලන්කට් සහ නවසීලන්ත සංචාරයට යන පාකිස්තාන ක්‍රීඩක වහබ් රියාස් කැඳවීමත් සමගින් තරගාවලියේ ඉවත්වූ අතර ඒ වෙනුවට මෙම වේගපන්දු යවන්නන් දෙදෙනා ආදේශ කර ඇත.
දකුණතින් වේග පන්දු යවන 37 හැවිරිදි මුනාෆ් පතෙල් 2011 වසරේ සැප්තැම්බර් මස එංගලන්තයට එරෙහි පැවැති එක්දින තරගයකදී ඉන්දියාව වෙනුවෙන් අවසන් වරට ජාත්‍යන්තර තරගයකට සහභාගී වී ඇත. ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 13 ක්, එක්දින තරග 70 ක් සහ විස්සයි20තරග 3 කට සහභාගී වී ඇති ඔහු ජාත්‍යන්තර කඩුලු 125 ක් දවාගෙන ඇත.
වමතින් වේග පන්දු යවන 35 හැවිරිදි සොහේල් තන්වීර් 2017 අප්‍රේල් මස බටහිර ඉන්දිය කොදෙව් පිලට එරෙහිව පැවැති විස්සයි20 තරගයකදී පාකිස්තානය වෙනුවෙන් අවසන් වරට ජාත්‍යන්තර තරගයකට සහභාගී වී ඇත. පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 62 ක් සහ විස්සයි20 තරග 57කට සහභාගී වී ඇති තන්වීර් එහිදී ජාත්‍යන්තර කඩුලු 130 ක් දවාගෙන ඇත.
සොහේල් ඛාන් හිමිකාරිත්වය දරණ සොහෙල් ඛාන් ඉන්ටර්නැෂනල් එල්.එල්.පී සමාගම විසින් මහනුවර ටස්කර්ස් පිල මිලදී ගෙන ඇති අතර එහි නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමිවි ඇත. මහනුවර ටස්කර්ස් පිලේ විදෙස් ක්‍රීඩකයින් ලෙස ඉර්ෆාන් පතන්, නවීඞ් උල් හක්, මුනාෆ් පටෙල්, සොහෙල් තන්වීර් සහ රහමනුල්ලා ගුර්බාස් යන ක්‍රීඩකයෝ එක්ව සිටිති.
හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්න මහතා මහනුවර ටස්කර්ස් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
- 2079