Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මේ මස 25 වැනිදා සිට ඔත්තෝබර් 9 වැනිදා දක්වා නේපාලයේදී පැවැත්වෙන් එවරස්ට් ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංගට හිමිව තිබේ.
කණ්ඩායම් 6 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන එම තරගාවලියේදී භයිරහාවා ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරංග තරග බිමට පිවිසීමට නියමිතය. මේ වන විට ජාත්‍යන්තර තරග බිමෙන් සමුගෙන සිටින ඔහු, විශ්‍රාමික ක්‍රීඩකයන් සහභාගි වූ ලෙජන්ඩ්ස් විස්සයි20 තරගාවලියේදීද කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් විස්සයි20 ජාත්‍යන්තර තරග 26 කදී ලකුණු 407 ක් රැස්කළ තරංග, දෙස් විදෙස් විස්සයි20 තරග 126 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 19 ක් සමගින් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 3384 කි. එහිදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සමාන්‍යය 29.17 ක් වන අතර ලකුණු රැස්කිරීමේ වේගය 127.79 ක අගයක් ගනී.
එවරස්ට් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා තෝරා ගැනුණ තෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා තරංග වන අතර ඔහුට පෙර දිනේෂ් චන්දිමාල් සහ සීක්කුගේ ප්‍රසන්නද එම තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිකර ගත්හ. කෙසේ වුවත් මේ වන විට ජාතික සංචිතයට කැඳවීම් ලැබ සිටින චන්දිමාල්, එවරස්ට් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වීම අවිනිෂ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.