Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකාව සත්කාරය දරන 15 වැනි දකුණු ආසියානු (සාෆ්) ශූරතා පාපන්දු තරගාවලිය ජූනි 20 වැනිදා සිට ජූලි 5 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට තීරණය වී තිබේ. කෙසේ වූවත් එහි තරග කාල සටහන එළි දැක්වීමේ උත්සවය ලබන අප්‍රේල් 4 වැනිදා කොළඹදී පැවැත්වීමට යොදා ගෙන තිබුණත් එය කල් දැමීමට දැන් තීරණයවී තිබේ.
එහෙත් එදින යොදා ගත් පරිදි ආසියානු පාපන්දු සමුළුවේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී තරගාවලියට ශ්‍රී ලංකාවේ සත්කාරය නිල වශයෙන් ප්‍රකාශ කිරීමේ උත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ආසියානු පාපන්දු සමුළුවේ වත්මන් සභාපති බහරේන් ජාතික සලමන් බින් ඉබ්‍රාහීම් අල් කලීෆා, ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ යන මහත්වරුන් හා තරගාවලියට සහභාගි වන කලාපයේ රටවල පාපන්දු සම්මේලන ප්‍රධානීන් ඇතුළුව දෙස් විදෙස් ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
ශ්‍රී ලංකාව මෙහි සත්කාරය දරන්නේ වසර 2008 න් පසුවය.ශ්‍රී ලංකාව 1995 (කොළඹ) තරගාවලිය ජය ගැනීමෙන් පසුව මෙතෙක් දකුණු ආසියානු ශූරතා කුසලාන ජය ගැනීමට සමත්ව නැත.වසර 27 කින් ශ්‍රී ලංකාවට කුසලාන දිනා ගැනීමට නොහැකිවීම සැළකිල්ලට ගනිමින් මෙවර අවම අවසන් මහ තරගයට නිර්දේශ ලබා ගැනීමේ අටියෙන් ශ්‍රී ලංකාව පුහුණු සැලැස්ම ක්‍රියාත්මක කෙරේ. ඒ සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පුහුණුකරු කුවේට් ජාතික අබ්දුල්ලා අල් මුතායිරි මහතාට ඉලක්කය ලබාදී ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පවසයි.
සත්කාරය ශ්‍රී ලංකාව ඇතුළුව ඉන්දියාව, පාකිස්තානය, භූතානය, නේපාලය, බංගලාදේශය, මාලදිවයින මෙම තරගාවලියට සහභාගි වන රටවල් වේ.
ආසියානු කුසලාන (2027 - රියාද්) අවසන් නිර්දේශ තරග වටයට සහභාගිවීම අරඹමින් ශ්‍රී ලංකාව බැංකොක් නුවරදී පෙරේදා (25) පැවැති තරගයකදී තායිලන්තයට ගෝල 1- 0 කින් පරාජය විය එහෙත් ඊට පෙර පසුගිය මාර්තු 20 වැනිදා ලාඕසයේදී එරට සමග පැවැති සුහද ජාත්‍යන්තර පාපන්දු තරගය ගෝල 2 - 1 කට ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
තායිලන්තය බලා ගිය ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද (27) දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි. එයින් පසුව සාෆ් පාපන්දු තරගාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා පාපන්දු සංචිතයේ පුහුණුවීම් දිගටම පවත්වා ගෙන යාමට තීරණය කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.