Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ අවසන් දිනය වන හෙට (04) පළමු පැය තුළදී ශ‍්‍රී ලංකා පිතිකරුවන් ක‍්‍රීඩා කරන ආකාරය අනුව පාකිස්තානු පිලට ඉලක්කයක් ලබාදීම පිළිබදව තීරණය කරන බවත් ශ‍්‍රී ලංකා පිලේ ආසන්නතම ඉලක්කය තරගය ආරක්‍ෂා කර ගැනීම බවත් ශ‍්‍රී ලංකා පිලේ උප නායක දිනේෂ් චන්දිමාල් අද (3 වැනිදා) තරගය අවසන් වීමෙන් පසුව පැවසීය.
විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් ලකුණු 89 ක් රැස්කළ දිනේෂ් චන්දිමාල් වැඩි දුරටත් මෙසේ පැවසීය.
”මට ශතකය සම්පූර්ණ කිරීමට නොහැකි වීම පිළිබදව කණගාටුයි. අපි පන්දුවට පහර දීමට එන විට පාකිස්තානය ඉදිරියෙන් සිටියේ නමුත් දැන් අපි ලකුණු 241 ක් ඉදිරියෙන් සිටිනවා. ඒ පිළිබදව ගොඩක් සතුටුයි. මමයි ඇන්ජලෝයි කෙසේ හෝ දිවා විවේකය දක්වා කඩුල්ලේ රැදී සිටීමට සැළසුම් කළා එය සාර්ථක වුණා”
”මම හිතන්නේ තරගයේ ජයග‍්‍රහණය සදහා ලකුණු 300 කට වැඩි සංඛ්‍යාවක් තිබිය යුතුයි. පළමුවෙන්ම තරගය ආරක්‍ෂා කරගත යුතුයි, අපි බලමු තරගය යන විදියට” යැයි චන්දිමාල් වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.