Last Update  :  2024-12-22 20:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරගය හදිසියේම කල්දමයි

තරගය හදිසියේම කල්දමයි

රොෂාන් ගුණරත්න - 2018 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී අද (06) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව තරගය හදිසියේම නතර කිරීමෙන් එම පාසල් දෙක අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ. 

මෙම තරගය කල්දැමූ බව පාසල් ක්‍රිකට් සංගමය ඊයේ (05) රාත්‍රී 10.30 ට පමණ පාසල්වලට දැනුම්දී ඇති නමුත් ඒ වන විට ක්‍රීඩකයන් දැනුවත් කිරීමට නොහැකිවීමෙන් ඇතැම් ක්‍රීඩකයන් තරගය සූදානම්ව පැමිණීමෙන් පාසල් බලධාරීහූ දැඩි අපහසුතාවට පත්වූහ.

සරේ ක්‍රීඩාංගණයට පාසල් ක්‍රිකට් සංගමය මුදල් ගෙවා නොමැති වීමෙන් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ නිලධාරියකු ක්‍රීඩාංගණය වෙන්කිරීම අවලංගු කිරීමෙන් මෙසේ තරගය කල්දැමීමට සිදුවූ බව වාර්තා වේ. 

මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් ප්‍රධානී අරුණ ද සිල්වා මහතා පැවසුවේ පාසල් ක්‍රිකට් සංගමය පෙරේදා පස්වරු 3.00 ට පමණ සරේ ක්‍රීඩාංගණය ඉල්ලා සිටිය ද ඒ වන විට ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ ආරම්භ කර තිබීම නිසා ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි. 

“අපි එම තරගය සඳහා බණ්ඩාරගම ක්‍රීඩාංගණය වෙන් කරලයි තිබුණේ. නමුත් හිටිහැටියේම සරේ ක්‍රීඩාංගණය ඉල්ලුවම දෙන්න බෑනේ” යැයි අරුණ මහතා වැඩි දුරටත් පැවසීය. 

පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා මෙම තරගය සරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බව පෙරේදා පස්වරුවේ පැවසීය. උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව දැනගැනීමට ඩිල්ෂාන් ද සිල්වා මහතා දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සහය අසාර්ථක විය. 

 


අදහස් (0)

තරගය හදිසියේම කල්දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.