Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ වසරේ පාසල් රග්බි තරගාවලියේදී ‘ඒ‘ කාණ්ඩයෙන් තරග වදින කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නිල රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම ඉදිරිපත් වී සිටී. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමේ (සාමාන්‍ය ජීවිත) පුළුල් රක්ෂණ ආවරණය මඟින් ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට මෙන්ම කණ්ඩායමේ සහායක කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජික සාමාජිකාවන්ට තම සුරක්ෂිත බව තහවුරු කරගනිමින් උපරිම දක්ෂතා දැක්වීම සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව ලැබෙනු ඇත.
රග්බි වැනි අන්තරායකාරී ක්‍රීඩාවක් සඳහා ආරක්ෂාකාරී වටපිටාවක් නිර්මාණය කිරීමට රක්ෂණය ඉතා වැදගත් භූමිකාවක් බාරගන්නා බව ශ්‍රී ලංකා රක්ෂණ සමාගම අවධාරණය කරයි. ක්‍රීඩකයන්ට සිදුවන අනතුරුවලදී ඔවුන්ට අවශ්‍ය මුල්‍යමය දායකත්වය ලබා ගත හැකි ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සමාගම පුළුල් පරාසයක රක්ෂණ ආවරණයක් සහතික කරයි.
ඡායාරූපය (වමේ සිට දකුණට)
මෙම අනුග්‍රාහකත්වය පසුගියදා පැවැති විශේෂ උත්සවයකදී තර්ස්ටන් විද්‍යාලය රග්බි නිලධාරීන් වෙත ප්රදානය කෙරිණි. රවි මේදිස් (ආයතනික ව්‍යාපාර අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු - ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්), මහේෂ් ගමගේ (ආයතනික ව්‍යාපාර සහ අලෙවිකරණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්), පමුදිත වික්‍රමසිංහ (විදුහල්පති - තර්ස්ටන් විද්‍යාලය), අචල රාමනායක (සභාපති - තර්ස්ටන් විද්‍යාලයීය රග්බි සංගමය) සහ සුදේශ් ප්‍රියංකර ගෝමස් (ලේකම් - තර්ස්ටන් විද්‍යාලයීය රග්බි සංගමය) යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.