Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තර්ස්ටන් විදුහලට කඩුලු 6 ක ජයක්

තර්ස්ටන් විදුහලට කඩුලු 6 ක ජයක්

editorial - 2022 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර කොළඹ 10 ශාන්ත ජෝෂප් විද්‍යාලයීය පිටියේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත්විය.

කාසියේ වාසිය දිනූ තර්ස්ටන් විදුහල ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය. ඉසිපතන පිල ඕවර 28.3 කදී ලකුණු 75 කට දැවී ගියේය. තර්ස්ටන් පිල ඕවර 19 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 76ක් රැස් කළේය.

 

ඉසිපතන විදුහල ඕවර 28.3 කදී සියලු දෙනා දැවී 75 යි
(තරුෂ නෙත්සර 14, යුනෙත් සෙනෙවිරත්න 14, සිතුක ගුණවර්ධන 11, විහස් තෙව්මික 18/4, දුවිඳු නිශාන් 21/3)

තර්ස්ටන් විදුහල ඕවර 19 කදී කඩුලු 4 ක් දැවී 76 යි
(රශ්මික සොනාල් 20, විරාජ් දේවප්‍රිය 07/2, සිතුක ගුණවර්ධන 20/2)

 

- 213


අදහස් (0)

තර්ස්ටන් විදුහලට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.