Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවව දුටු ධර්මරාජ - කිංස්වුඩ් කන්ද උඩරට ‘සුලෝහිත සංග්‍රාමය’ මහා ක්‍රිකට් තරගය ජය පරදුමෙන් තොරව නිමාවට පත් විය. එහිදී වාර්තා පොත් අලුතෙන් ලිවීමට ධර්මරාජ විදුහලේ තරිඳු වර්ණකුල සහ ලක්වීන් අබේසිංහ සමත්වීම කැපී පෙනුණි.
මෙම තරගයේදී ඔවුන් දෙදෙනාම නොදැවී ලකුණු 203 බැගින් වාර්තා කරමින් ද්විත්ව ශතක වාර්තා කිරීමට සමත් වූ අතර තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 406 ක වාර්තාගත සම්බන්ධතාවයක් ද ගොඩනැගීමට සමත් වූහ.
මෙරට මහා ක්‍රිකට් ඉතිහාසයේ පාසල් ක්‍රීඩකයන් දෙදෙනකු එක්ව ගොඩනැගූ ඉහළම සම්බන්ධතාව මෙය වන අතර එක් මහ ක්‍රිකට් තරගයක් තුළ ක්‍රීඩකයන් දෙදෙනකු ද්විත්ව ශතක වාර්තා කළ පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක් විය.
මින් පෙර 1983 වසරේ පැවති මහා ක්‍රිකට් තරගයේදී ධර්මරාජ විදුහලේ සේනක දිසානායක විසින් ද්විත්ව ශතකයක් වාර්තා කළ අතර වත්මන් ධර්මරාජ පිලේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන ඔහුගේ පුහුණුකාරීත්වය යටතේම වසර 42 ක් පැරණි එම වාර්තාව ක්‍රීඩකයන් දෙදෙනෙකු විසින්ම බිඳ හෙළනු ලැබීමද දෛවෝපගත සිදුවීමක් ලෙස සඳහන් කළ හැකිය.
ධර්මරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 104.3 කදී කඩුලු 2 ක් දැවී 454
(කෞශල්‍ය දිසානායක 19, තරිඳු වර්ණකුල නොදැවී 203, ලක්වීන් නොදැවී අබේසිංහ 203)
කිංස්වුඩ් විදුහල් පළමු ඉනිම - ඕවර 107.3 කදී සියලු දෙනා දැවී 197
(චනුල් කොඩිතුවක්කු 18, යෝෂිත් අබේකෝන් 28, නිකේෂල නානායක්කාර 63, ගෞරංග බණ්ඩාර 27, හේෂාන් වීරසිංහ 13, නිසල අබේරත්න 33/5, දක්ෂික මනුකල්ප 31/2)
කිංස්වුඩ් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 30 කදී කඩුලු 2 ක් දැවී 96
(චනුල් කොඩිතුවක්කු නොදැවී 52, ආදිල් සෙරීෆ් 40, ධනුෂ්ක මනුකල්ප 21/2)
(ඡායාරූප - රජන්ත බමුණුකොටුව)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.