Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරිඳු රිච්මන්ඞ් පිල දිනවයි

තරිඳු රිච්මන්ඞ් පිල දිනවයි

editorial - 2022 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහල සමත් විය. කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී අද පැවැති අවසන් පූර්ව තරගයේදී කොළඹ මහානාම විදුහලට එරෙහිව ලකුණු 139 ක පහසු ජයක් වාර්තා කරමින් රිච්මන්ඞ් ක්‍රීඩකයෝ අවසන් තරගයට පිවිසියහ. 

මූලික වටයේදී කොළඹ නාලන්දා විදුහල හමුවේ පරාජයට පත් වුවද, කුරුණෑගල ශාන්ත අනා, කොළඹ වෙස්ලි සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල්වලට එරෙහිව ජය වාර්තා කරමින් රිචිමන්ඞ් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. ඔවුන් අවසන් පූර්ව වටයට පිවිසියේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කරමිනි. 

ජයග්‍රහණය සඳහා ලකුණු 203 ක ඉලක්කයක් හඹාගිය මහානාම විදුහලට තරිඳු නිර්මාල් ප්‍රමුඛ රිච්මන්ඞ් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 22.4 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 63 ක් පමණි. එහිදී නිර්මාල් ලකුණු 21 කට කඩුලු 4 ක්ද, කල්ප නෙත්සර ලකුණු 14 කට කඩුලු 3 ක්ද දවාගත්හ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රිච්මන්ඞ් විදුහල ඕවර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 202 ක් ලබාගත් අතර එහිදී පිත්තෙන්ද දස්කම් දැක්වූ තරිඳු නිර්මාල් (59) අර්ධ ශතකයක් ලබාගත්තේය. මහානාම විදුහල් නායක දෙවිඳු කැකිරිදෙණිය ලකුණු 21 කට කඩුලු 5 ක් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. 

රිච්මන්ඞ් විදුහල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 202 
(තරිඳු නිර්මාල් 59, මලීෂ ද සිල්වා 31, විෂාර ප්‍රනාන්දු 20, දෙවිඳු කැකිරිදෙණිය 21/5, දුවිඳු රණතුංග 29/2) 

මහානාම විදුහල - ඕවර 22.4 කදී සියලු දෙනා දැවී 63 
(විහඟ යේෂාන් 20, තරිඳු නිර්මාල් 21/4, කල්ප නෙත්සර 14/3, ශරෝන් අභිෂේක් 10/2) 

 


අදහස් (0)

තරිඳු රිච්මන්ඞ් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.