Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරුණ සේවා සභාවෙන් සංචිත 3 ක්

තරුණ සේවා සභාවෙන් සංචිත 3 ක්

editorial - 2023 මැයි මස 02 57 Views 0 Comment
A A A

ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරනු ලබන වොලිබෝල්, වෙරළ වොලිබෝල් හා කබඩි (කාන්තා - පිරිමි) නේවාසික පුහුණු සංචිත සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බඳවා ගැනීමේ සම්මුඛ  පරීක්ෂණ ලබන මැයි 8 වැනිදා පෙරවරු 9.00 ට මහරගම තරුණ සේවා මධ්‍යස්ථානයේදී පැවැත්වේ. එදින බඳවාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණු කාලය තුළදී නේවාසික පහසුකම් ඇතුළුව සෙසු පහසුකම් නොමිලේ ලබාදෙන බව තරුණ සේවා සභාව පවසයි.

වොලිබෝල් සංචිතය සඳහා එක්වීමට අපේක්ෂා කරන ක්‍රීඩකයන් අවම වශයෙන් සෙන්ටිමීටර 182 කින් හා ක්‍රීඩිකාවන්  සෙන්ටිමීටර 172කට  වැඩි උසකින් යුතු, වයස 20 ට අඩු අය විය යුතුය.

කබඩි පුහුණු සංචිත සඳහා බඳවා ගැනෙන ක්‍රීඩකයන්ගේ අවම උස සෙන්ටිමීටර 175කි. ක්‍රීඩිකාවන්ගේ අවම උස විය යුත්තේ සෙන්ටිමීටර් 172කි.

වයස 20ට අඩු අයට ඒ සඳහා ඉල්ලුම් කළ හැකිය. ජාතික තරුණ සේවා සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) අනිල් සිරිවර්ධන මහතා පවසන්නේ ඉල්ලුම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට හෝ පෙනී සිටි අය විය යුතු බවයි.

 දුරකතන අංක 0773852202 හෝ 0112851168 ඔස්සේ ඇමතීමෙන් ඒ පිළිබඳව වැඩි තොරතුරු ලබාගත හැකිය.

- 223


අදහස් (0)

තරුණ සේවා සභාවෙන් සංචිත 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.