Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරුෂි ඇමරිකාවට
පැරිස් ඔලිම්පික් - 2024

තරුෂි ඇමරිකාවට

editorial - 2024 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ ප්‍රංශයේ පැරිස් නුවර සිට)

පැරිස්  ඔලිම්පික් සිය සහභාගිත්වය  අවසන් කළ ශ්‍රී  ලංකා මීටර් 800 (කාන්තා) ක්‍රීඩිකා තරුෂි  දිල්සරා කරුණාරත්න ශ්‍රී  ලංකාව බලා නැවැත පිටත්වීමට සූදානම්ව ලංකාදීපයට පැවැසුවේ ඉදිරි මාස දෙකක් තුළදී තමන් කළමනාකරණ උපාධියක් හැදෑරීම සදහා එක්සත් ජනපදය බලා පිටත්ව යන බවයි.

ඒ සඳහා මූලික සැළසුම් පිළියෙල කර අවසන්ව තිබෙන බවත් එහිදී සිය ක්‍රීඩා පුහුණුවීම්  කටයුතු කර ගෙන යාම සදහා  අවශ්‍ය  පහසුකම්ද ඇමරිකානු විශ්ව විද්‍යාලයෙන් සළසා දෙන බවත් ඇය පැවැසුවාය.

තරුෂි  හා ඇගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු  මහතා  පැරිස් ඔලිම්පික්  සංචාරය අවසන් කරමින් පෙරේදා(7) රාත්‍රීයේදී  දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි.

තරුෂි  ලංකාදීපයට මෙසේද පැවැසීය."මගේ ඉලක්කය වුණේ පැරිස් ඔලිම්පික්  උළෙලට නිර්දේශ ලබා ගැනීමයි.ඒක මම උදා කර ගත්තා.ක්‍රීඩා කරනවා වගේම හොදට ඉගෙන ගන්නත් මට අවශ්‍යයි.

ආසියානු ශූරිය ලෙස  ජයග්‍රාහනය කළාට පස්සේ මට රටවල් ගණනාවක විශ්ව විද්‍යාල ඉගෙන ගන්න ශිෂ්‍යත්ව දෙන්න ආරාධනා  කළා.ඒ අනුව මම ඇමරිකානු විශ්ව ව්ද්‍යාලයක් උසස් අධ්‍යාපනය හදාරන්න තෝර ගත්තා.මගේ ක්‍රීඩා කටයුතු කර ගෙන යන්නත් මට ශිෂ්‍යත්වය ප්‍රදානය කරන ඇමරිකානු විශ්ව විද්‍යාලයෙන් පහසුකම් ලැබෙනවා."

මේ අතර තරුෂිගේ පුහුණුකරු  සුසන්ත  ප්‍රනාන්දු මහතා පැවැසුවේ තරුෂිගේ පුහුණුවීම් සම්බන්ධයෙන්  ගැටළුවක් පැන නැගී නැති බැවින් මේ අවස්ථාවේදී වීදේශීය පුහුණුකරුවන්ගේ සේවය ඇයට ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැති බවයි.

" ඇමරිකාවට ගියාම ඒ ප්‍රශ්නයත්  තරුෂිගේ විසදෙනවා.පැරිස්  ඔලිම්පික් ඉවර වෙලා ලංකාවට ඇවිත් තරුෂි පුරුදු විදියට දිගනදී පුහුණුවීම් පටන් ගන්නවා.ඇය දැන් මුල් තැන දීලා තිබෙන්නේ ඇමරිකානු ගමනටයි.

පැරිස් ඔලිම්පික්  උළෙලේදී තරුෂි කරුණාරත්න මීටර් 800 (කාන්තා) ඉසව්වේ මූලික වටයේදී විනාඩි 2  තත්පර 07.76 ක දක්ෂතාවයක්ද හා පරාජිතයන්ගේ දෙවැනි වටයේදී විනාඩ් 2 තත්පර 06.76 ක දක්ෂතාවයක්ද පළ කිරීම ඇයට ඉසව්වේ ඉදිරියට යාමට ප්‍රමාණවත්  නොවූවාය.

මෙම ඉසව්වේ මෙතෙක් ඇගේ හොදම දක්ෂතාවය විනාඩි 2 තත්පර 00. 66 කට පළ වූයේ බැංකොක් (2023) ආසියානු  ශූරතා  තරගාවලියේදීය.එහිදී ඇය නව තරග වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගත්තාය.


අදහස් (0)

තරුෂි ඇමරිකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.