Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ආසියානු ශූරතා හා ආසියානු ක්‍රීඩා රන් පදක්කම්ලාභීණී තරුෂි දිල්සරා කරුණාරත්න කළමනාකරණය පිළිබදව උපාධියක් හැදෑරීම හා වැඩි දුර පුහුණුවීම් හැදෑරීම සදහා අද (31) ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.
ඇය පෞද්ගලිකව ඇයැඳුම් කළ ශිෂ්‍යත්වයක් ප්‍රදානයවීමෙන් ලුසියානා ප්‍රාන්තයේ තුලේන් (Tulane) විශ්ව විද්‍යාලයේ මෙම උපාධිය හදාරන අතර එහි කාලය සිව් වසරකි. ඇගේ නේවාසික ක්‍රීඩා පුහුණුවීම් සදහාද එකී කාලය තුළදී විශ්ව විද්‍යාලයෙන් පහසුකම් සැලසේ.
කෙසේ වූවත් ඇමරිකාවේදී උපාධිය හදාරන කාලසීමාව තුළදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තමා දිගටම ජාත්‍යන්තර තරග සදහා සහභාගි වන බව තරුෂි පවසයි. මේ වන විට 20 හැවිරිදි වියේ පසුවන ඇය වලල ඒ රත්නායක විදුහලේ ඉගෙනුම ලබමින් සිටින අතර මීටර් 800 (කාන්තා) ඉසව්වේ ආසියානු ශූරතා (2023) නව වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.
පැරිස් නුවරදී නොබෝදා නිමාව දුටු ඔලිම්පික් උළෙලටද ඇය නිර්දේශ ලබා ගනිමින් සහභාගි වූවාය.වසරේ (2024) විශිෂ්ටතම කාන්තාව ලෙසත් ඇය මෑතකදී සම්මානයට පාත්‍රවූවාය. ඇගේ දක්ෂතා අගයමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු පාර්ශ්ව රැසකින් තරුෂිට සුපිරි මුදල් තෑගි රැසක්ම පසු ගිය කාලයේදී ප්‍රදානය කෙරුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.