Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරුෂිගේ ක්‍රීඩා ඇඳුම ඔලිම්පික් කෞතුකාගාරයට
පැරිස් ඔලිම්පික් - 2024

තරුෂිගේ ක්‍රීඩා ඇඳුම ඔලිම්පික් කෞතුකාගාරයට

editorial - 2024 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(නාමල් පතිරගේ ප්‍රංශයේ පැරිස් නුවර සිට) 

පැරිස්  ඔලිම්පික්  උළෙලට සහභාගිවී සිටින ශ්‍රී  ලංකා මැදි දුර ධාවන ශූරී තරුෂි කරුණාරත්න  බැංකොක්  (2023) ආසියානු  ශූරතා  තරගාවලියේදී භාවිතා කළ ක්‍රීඩා ඇදුම ස්ව්ට්සර්ලන්තයේ පිහිටි අන්තර් ජාතික ඔලිම්පික්  කමිටුවේ කෞතුකාගාරයට බාරදීම පැරිස් නුවර ඔලිම්පික්  ක්‍රීඩා  ගම්මානයේදී සිදු කෙරුණි.

තරුෂි  නව තරග වාර්තාවක් පිහිටුවමින් එහිදී මීටර්  800 ( කාන්තා) ඉසව්වෙන්  රන් පදක්කමක් දිනා ගනිමින් තරග වැදුණු අවස්ථාවේදී පැළද සිටි නිල ක්‍රීඩා ඇදුම එහිදී ඇය අතින්ම පැරිස්  ඔලිම්පික්  ක්‍රීඩා ගම්මානයේදී ජාත්‍යන්තර  ඔලිම්පික් කමිටුවේ ස්විට්සර්ලන්ත කෞතුකාගාරයේ ප්‍රදර්ශන  හා වැඩ සටහන් ජේය්‍යෂ්ඨ  කළමනාකාරිනී ඈන් ජැකර්ඩ් මෙනවිය වෙත බාරදීම එහිදී සිදු කෙරුණි.

ජාතික  ඔලිම්පික්  කමිටුවේ මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා මහතා මෙහි සම්බන්ධ්කරණ කටයුතු සිදු කළේය.මෙම අවස්ථාවට පැරිස් ඔලිම්පික්  ශ්‍රී  ලංකා කණ්ඩායමේ  ප්‍රධානී චන්දන ලියනගේ මහතා ඇතුළු ශ්‍රී  ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඇතුළු පිරිසක් සභභාගි වූහ.

මෙම අවස්ථාවේදී ඇයට ජාත්‍යන්තර  ඔලිම්පික්  කමිටුවේ  සභාපති තෝමස් බැච් මහතා අත්සන් යෙදූ ප්‍රශංසාත්මක සහතිකයක් ප්‍රදානය කෙරුණි.


අදහස් (0)

තරුෂිගේ ක්‍රීඩා ඇඳුම ඔලිම්පික් කෞතුකාගාරයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.