Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ඔක්තෝබර් 1 වැනිදා රට විවෘත කිරීමෙන් පසුව පවතින තත්ත්වය සමාලෝචනය කරමින් ජාතික ක්‍රීඩා සංගම් තුනක කල් දමා තිබෙන නිලවරණ හැකි ඉක්මණින් පවත්වා අවසන් කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සූදානම් වේ.
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය, ශ්‍රී ලංකා සුළං ඔරු සම්මේලනය හා ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනය යන ජාතික ක්‍රීඩා සංගම් තුනක නිලවරණ පවත්වා අවසන් කිරීමට ඉතිරිව තිබේ. මෙම ජාතික ක්‍රීඩා සංගම් තුනේ නිලවරණ කැඳවීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පසුගිය මැයි මාසයේ සිට ගනු ලබන උත්සාහයන් දිගින් දිගටම අසාර්ථක වූයේ රට තුළ කොවිඩ් වසංගතයෙන් එල්ල වූ බලපෑම්ය.
මේ අතර ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ හා ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නිලවරණ තවදුරටත් ප්‍රමාද වන්නේ එම නිලවරණ පැවැත්වීමට එරෙහිව මේ වනවිට අධිකරණයේ නඩු පැවරීම් කර තිබෙන නිසාය.
‘සූම්’ තාක්ෂණය ඔස්සේ පසුගිය කාලයේදී ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ කීපයක් පවත්වා අවසන් කිරීමට ක්‍රීඩා සංවර්ධනය දෙපාර්තමේන්තුව සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.