Last Update  :  2025-03-14 11:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තහනම් සංගම් හතරකින් 2025 ට තරග සැලසුම්

තහනම් සංගම් හතරකින් 2025 ට තරග සැලසුම්

editorial - 2025 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩා අමාත්‍යාංශයට 2025 වසරට සිය (වාර්ෂික) ක්‍රීඩා තරග හා වැඩසටහන් සැලැස්ම ( කෙටුම්පත්) ඉදිරිපත් කිරීමට ජාතික ක්‍රීඩා සංගම් 59 ක් කටයුතු කර තිබේ.එහිදී විශේෂත්වය දැනට ක්‍රීඩා ඇමැතිවරයා විසින් අත්හිටුවා තිබෙන ජාතික ක්‍රීඩා සංගම් හතරක්ද ඔවුන්ගේ 2025 තරග සැලැස්ම ඉදිරිපත් කර සිටීමයි.

ක්‍රීඩා ඇමැතිවරයා ව්සින් මෙසේ  ක්‍රියාකාරීත්වය අත් හිටුවා තිබෙන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා රග්බි සංගමය, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය හා ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා (ඔටෝමොබයිල්) සංගමය ද සිය 2025 වාර්ෂික ක්‍රීඩා තරග හා වැඩසටහන් සැලසුම් කෙටුම්පත මෙසේ ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් කළ 2025 ජාතික ක්‍රීඩා දින දර්ශනයට ඇතුළත් කර තිබේ.

මෙම ජාතික ක්‍රිඩා සංගම්හි මේ වන විට  විධායක සභාවන් ක්‍රියාත්මක නොවන බැවින් ඒවායෙහි පරිපාලන  කටයුතු ඇණහිට තිබේ. නැවත  නිලවරණ විධිමත්ව පවත්වා අවසන් කරන තෙක් ඒවායෙහි නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කර තිබේ.

මේ අතරින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය 2025 සිය තරග දින දසුන ඉදිරිපත් කරමින් තායිලන්තයේදී පෙබරවාරි 7 වැනිදා ආරම්හ වන ආසියානු පාපැදි සවාරියේ සහභාගිත්වයද දක්වා තිබේ. කෙසේවූවත් ශ්‍රී ලංකාව දැනට වසර ගණනාාවක සිට ඊට සහභාගිවීම අත් හැර දමා තිබේ.

මෙකී ජාතික ක්‍රීඩා සංගම්හි පැන නැගී තිබෙන පරිපාලන අර්බුද විසදා ගනිමින් නිලවරණ කැඳවීමට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා  මෑතදී අදාළ පාර්ශ්ව සම්බන්ධ කර ගනිමින් ගත් උත්සහයන් මෙතෙක් සාර්ථක වී නැත.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලවරණය (2025 -27) ඊයේ (21) කැදවීමට නියමිතව තිබියදී එහි හිටපු සභාපතිවරයකු වන ලසිත් ගුණරත්න මහතා විසින් ඊට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමෙන් එය ජනවාරි 30 වැනිදා දක්වා අත්හිටුවා තිබේ.


අදහස් (0)

තහනම් සංගම් හතරකින් 2025 ට තරග සැලසුම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.