Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පළමු කොටසේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ සෙනසුරාදා (3 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව ලකුණු 40-14 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර ත්රිත්ව විදුහල සමත් විය.
මහනුවර පල්ලෙකැගේ රග්බි ක්රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 19-00 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූ ත්රිත්ව ක්රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 21 ක් ලබාගත්හ. පළමු අර්ධයේදී ලකුණු ලබාගැනීමට නොහැකි වූ ධර්මරාජ විදුහල දෙවැනි අර්ධයේදී ලකුණු 14 ක් ලබාගත්තද, ජයග්රහණය සඳහා එය ප්රමාණවත් නොවීය.
මෙම තරගයේදී ත්රිත්ව විදුහල ගෝල දිනුම් 5 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් අතර ධර්මරාජ විදුහල ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 2 ක් මගිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.