Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තායිපේ බොක්සිං තරගාවලියට ශී‍්‍ර ලංකාවෙන් 6 ක්

තායිපේ බොක්සිං තරගාවලියට ශී‍්‍ර ලංකාවෙන් 6 ක්

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මේ මස 15 වැනිදා සිට 19 වැනිදා දක්වා තායිවානයේ තායිපේ ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැතවෙන තායිපේ  කුසලාන ජාත්‍යන්තර බොක්සිං තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 6 දෙදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වෙයි.
පසුගියදා නිමාවූ ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේදී දැක්වූ දක්ෂතා අනුව මෙම තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගෙන තිබේ.

ආර්. ජී. එස්. කුමාරසිංහ (ශ්‍රී ලංකා නාවික හමුදාව), ඒ. පී. සී. ඒ. ජයලත් (ශී‍්‍ර ලංකා යුද හමුදාව), එන්. ජී. එස්. ජයවීර සහ එම්. එම්. ප‍්‍රභාෂ්වර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කී‍්‍රඩකයන් සිව්දෙනා වන අතර කෝසලා නිල්මිණි සහ කේ. ඊ. ජී. ඞී සිල්වා (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කී‍්‍රඩිකාවෝ දෙදෙනා වෙති.

පිරිමි අංශයෙන් බර පංති 6 ක් යටතේද, කාන්තා අංශයෙන් බර පංති 4 ක් යටතේද දින 5 ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව කසකස්තානය,  ඕස්ටේ‍්‍රලියාව, තායිපේ, දකුණු කොරියාව, හොංකොං, ඉන්දුනීසියාව, ජපානය, ජෝර්දානය, උතුරු කොරියාව, මෙක්සිකෝව, මැලේසියාව, මොංගෝලියාව, නවසීලන්තය, සිංගප්පූරුව, තායිලන්තය යන රටවල් සහභාගීවෙති.

හර්ෂ කුමාර මහතා තරගාවලියට සහභාගීවන පිරිමි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර චම්පක මාතරආරච්චි, කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි. කණ්ඩායමේ කළමණාකරු ලෙස තරගාවලියට සහභාගී වන්නේ හේමන්ත වීරසිංහ මහතාය.
මෙම නිලධාරීන්ට අමතරව ප‍්‍රධාන පෙළේ තරග විනිසුරුවන් දෙදෙනකු වන බන්දුල ගමගේ මහතා සහ වින්ද්‍යා රෝෂිනී මහත්මියද මෙම තරගාවලියට සහභාගී වෙති.

තරගාවලියට සහභාගී වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 6 දෙනකුගෙන්, නිලධාරීන් තිදෙනකුගෙන් සහ විනිසුරුවන් දෙදෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 13 වැනිදා (අඟහරුවාදා) දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

 

 

 

 

 

 

 

 

 

 

 


අදහස් (1)

තායිපේ බොක්සිං තරගාවලියට ශී‍්‍ර ලංකාවෙන් 6 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.