Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජපානයේ සයිතමා නගරයේදී පැවැති ආධාර මෝටර්ක්‍රොස් තරගාවලියකදී වයස 13 න් පහළ වයස් කණ්ඩයෙන් දස්කම් දැක්වීමට ශ්‍රී ලංකාවේ තාරුක රුමීෂ ද සිල්වා සමත්විය.
පන්නිපිටිය ධර්මපාල විදුහලේ 4 වැනි ශේ‍්‍රණියේ ඉගෙනුම ලබන තාරුක රුමීෂ, 2013 සහ 2014 වසරවල වයස 10 න් පහළ වයස් කණ්ඩයේ ජාතික ශූරයාද වේ.
තාරුක සහභාගී වූ පළමු අන්තර් ජාතික තරගාවලිය මෙය වන අතර එහිදී සිලින්ඩර් ධාරිතාව 50 දක්වා තරගයේ 8 වැනියා ලෙසද, සිලින්ඩර ධාරිතාව 65 දක්වා තරගයේ 10 වැනියා ලෙසද ඔහු තරගය නිම කළේය.
ජපානය, ඕස්ටේ‍්‍රලියාව, පිලිපීනය සහ ඇමරිකාව යන රටවල් නියෝජනය කරමින් සිලින්ඩර් ධාරිතාව 50 දක්වා තරගය සඳහා ක‍්‍රීඩකයන් 22 ක්ද, සිලින්ඩර් ධාරිතාව 65 දක්වා තරගය සඳහා කී‍්‍රඩකයන් 38 ක්ද සහභාගී වූහ.
තරුකගේ වත්මන් පුහුණුකරු ලෙස ජාතික මෝටර්ක්‍රොස් ශූරයා වන ගයාන් සඳරුවන් කටයුතු කරයි.
මෙම තරගාවලියට සහභාගී වීම සඳහා තාරුකට පන්නිපිටිය ධර්මපාල විදුහල, එහි ආදි ශිෂ්‍ය සංගමය සහ ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අනුග‍්‍රහය දක්වා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.