Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්ත කණ්ඩායමේ බංග්ලාදේශ සහ පාකිස්තානු සංචාර සඳහා පිතිහරඹ පුහුණුකරුවා වශයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු පිතිකරු තිලාන් සමරවීර මහතා තෝරාගනු ලැබ ඇත.
නවසීලන්ත - බංග්ලාදේශ විස්සයි-20 තරගාවලිය සැප්තැම්බර් මස 1 වැනිදා ආරම්භ වන අතර එය තරග 5 කින් සමන්විත තරගාවලියකි.
නවසීලන්ත පිලේ පාකිස්තානු සංචාරය සැප්තැම්බර් මස මැදදී ආරම්භ වේ. පාකිස්තානු සංචාරය එක්දින තරග 3 කින් සහ විස්සයි-20 තරග 5 කින් සමන්විතය. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝක ශූරයන් වන නවසීලන්තයට පාකිස්තානයේදී ටෙස්ට් තරගාවලියක් නැත.
නවසීලන්ත ක්‍රිකට් පිලේ පුහුණු කාර්ය මණ්ඩලයේ තාවකාලික වෙනස්කම් රැසක් කර තිබේ. ග්ලෙන් පොක්නල් මහතා බංග්ලාදේශ සංචාරයේදී ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු කරන අතර මයික් සැන්ඩ්ල් මහතා කළමණාකරුවා ලෙසින් කටයුතු කරයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.