Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තීක්ෂණට දකුණු ඉන්දියාවෙන් විරෝධතාවක්
අයි.පී.එල්.

තීක්ෂණට දකුණු ඉන්දියාවෙන් විරෝධතාවක්

editorial - 2022 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.පී.එල්. කි‍්‍රකඩ වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 70 ක මුදලකට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අලෙවි වූ ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන කී‍්‍රඩක මහීෂ් තීක්ෂණට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධය දැක්වීමට දකුණු ඉන්දීය කී‍්‍රඩාලෝලීහු කටයුතු කරමින් සිටිති. 

තීක්ෂණ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන කී‍්‍රඩකයකු වීම එලෙස විරෝධය දැක්වීමට හේතුවී තිබේ. මින් පෙර අවස්ථාවලදීද චෙන්නායි කණ්ඩායමට තෝරා ගැනුණ ශ්‍රී ලංකා කී‍්‍රඩකයන්ට දකුණු ඉන්දීය කී‍්‍රඩාලෝලීන් විරෝධතා දැක්වූහ. ඒ හේතුවෙන් ඇතැම් ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ එම කණ්ඩායම කී‍්‍රඩා කිරීමෙන් එක්වීමෙන් වැලකී සිටියහ. 

2012 වසරෙන් පසුව චෙන්නායි කණ්ඩායමට තෝරා ගැනුණ පළමු ශ්‍රී ලංකා කී‍්‍රඩකා ලෙස 21 හැවිරිදි තීක්ෂණ හැදින්විය හැකි අතර ඔහුට පෙර චාමර කපුගෙදර, නුවන් කුලසේකර, මුත්තයියා මුරලිදරන්, තිසර පෙරේරා, සුරාජ් රන්දීව් සහ තිලාන් තුෂාර යන කී‍්‍රඩකයෝද චෙන්නායි කණ්ඩායම නියෝජනය කළහ. 

-036 


අදහස් (0)

තීක්ෂණට දකුණු ඉන්දියාවෙන් විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.