Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තීරක මඬුල්ලට මඩුගල්ලේත් එක්වෙයි

තීරක මඬුල්ලට මඩුගල්ලේත් එක්වෙයි

editorial - 2023 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලබන ඉරිදා (30 වැනිදා) ආරම්භ වන එල්.පී.එල්. තරගාවලියේ තරග තීරකවරයකු ලෙසින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තීරක මඬුල්ලේ ප්‍රධානියා වන රන්ජන් මඩුගල්ලේ මහතාත් නම්කර තිබේ. මේ වන විට ලෝකයේ ජ්‍යෙෂ්ඨතම තරග තීරකවරයා වන රන්ජන් මඩුගල්ලේ මහතා ටෙස්ට් තරග 213 ක, එක්දින අන්තර්ජාතික තරග 388 ක සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 139 ක තරග තීරකවරයා වශයෙන් කටයුතු කර තිබේ.

අන්තර්ජාතික තරග තීරකවරුන් වන ග්‍රේඒම් ලැබ්රෝයි සහ වෙන්ඩල් ලැබ්රෝයි දෙදෙනාත්, ශ්‍රී ලංකා ක්‍රිකට් තීරක මඬුල්ලෙන් මනෝජ් මෙන්ඩිස් මහතාත් නම්කර තිබේ.

විනිසුරු මඬුල්ල සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළ පෙලැන්තියේ විනිසුරුවරුන් වන කුමාර් ධර්මසේන සහ අලීම් දාර් යන මහත්වරු ඇතුළත්ව සිටිති. ගාසි සොහේල්, රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල අන්තර්ජාතික විනිසුරු මඬුල්ලේ සාමාජිකයන් ලෙසින් එල්.පී.එල්. තරගාවලියට එක්වෙති.
 
චාමර ද සොයිසා රවීන්ද්‍ර කොට්ටහච්චි, චන්ද්‍රික අමරසිංහ, රැන්මෝ මාටිනස් සහ ගාමිණී දිසානායක යන විනිසුරුවරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළමු ශ්‍රේණියේ විනිසුරු මඬුල්ලෙන් එල්.පී.එල්. තරගාවලියට එක්වෙති.

 


අදහස් (0)

තීරක මඬුල්ලට මඩුගල්ලේත් එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.