Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තුන් පිම්ම ලෝක වාර්තාව රෝජස්ට

තුන් පිම්ම ලෝක වාර්තාව රෝජස්ට

editorial - 2021 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය අවසන් උත්සාහයේදී මීටර් 15.67 ක දුරක් පනිමින් කාන්තා තුන් පිම්ම ඉසව්වේ ‍ලෝක වාර්තාව බිඳ දැමීමට වෙනිසියුලාවේ යුලිමාර් රෝජස් සමත් වූවාය. එම වාර්තාවත් සමග ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා තුන් පිම්ම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමටද ඇය සමත් වූවාය.

1995 වසරේ ස්වීඩනයේදී එම ඉසව්වේ පැරණි වාර්තාව පිහිටවනු ලැබ තිබුණේ යුක්රේනයේ ඉනෙසා ක්‍රාවේට්ස් විසිනි. එහිදී ඇය වාර්තා කර තිබූ දුර ප්‍රමාණය මීටර් 15.50 කි. වෙනිසියුලානු ක්‍රීඩිකාවක් ඔලිම්පික් උළෙලකදී රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක් විය.

''මම උත්සාහ කළේ මගේ උපරිමය ලබාදීමටයි. ඒත් වාර්තාව බිඳ‍ දැමීමට හැකිවේවි යැයි මම කිසි විටෙක සිතුවේ නැහැ." යැයි ජයග්‍රහණයෙන් අනතුරුව රෝජස් පැවසුවාය.

 පෘතුගාලයේ පැට්‍රීෂියා මමෝනා මීටර් 15.01 ක දුරක් පනිමින් එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත් අතර ස්පාඤ්ඤයේ ඇ‍නා පෙලෙටෙයිරෝ මීටර් 14.87 ක දුරක් පනිමින් එහි ලෝකට පදක්කමට හිමිකම් කීවාය. ඔවුන් දෙදෙනාම සිය රටවල ජාතික වාර්තා බිඳහෙළීමට සමත් වූහ.

-036


අදහස් (0)

තුන් පිම්ම ලෝක වාර්තාව රෝජස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.