Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 106 වැනි ජාතික ටෙනිස් තරගාවලියේ කාන්තා යුගල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට තුවිනි ද සිල්වා සහ නෙයාරා වීරවංශත්, සවිනි ජයසූරිය සහ ජනාලි මනම්පේරි ඊයේ (23 වැනිදා) සමත් වූහ.
පළමු අවසන් පූර්ව තරගය අතරතුරදී ආබාධයක් හේතුවෙන් ඔනෙලි පෙරේරා සහ අංජලිකා කුරේරා තරගයෙන් ඉවත්වීම හේතුවෙන් තුවිනි ද සිල්වා සහ නෙයාරා වීරවංශ නිතරග ජයක් ලබා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.
සවිනි ජයසූරිය සහ ජනාලි මනම්පේරි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස සාජිඩා රසීක් සහ සීනාත් සිහාර් පරාජය කරමිනි. එහිදී පළමු වටය ලකුණු 6/2 ක් ලෙස ජය ලැබූ සවිනි සහ ජනාලි දෙවැනි වටය ජයගත්තේ ලකුණු 7/5 ක් ලෙසිනි.
මෙම මස 10 වැනිදා ආරම්භ වූ ජාතික ටෙනිස් තරගාවලිය 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර එහි තුවිනිට සහ නෙයාරාට එරෙහිව සවිනි සහ ජනාලි තරග වදින කාන්තා යුගල අවසන් මහ තරග ලබන සඳුඳා (27 වැනිදා) පැවැත්වීමට නියමිය.
කාන්තා යුගල අවසන් පූර්ව වටය
ඔනෙලි පෙරේරා සහ අංජලිකා කුරේරා හමුවේ තුවිනි ද සිල්වාට සහ නෙයාරා වීරවංශට නිතරග ජයක්. (4/1)
සවිනි ජයසූරිය සහ ජනාලි මනම්පේරි විසින් වට 2-0 ක් ලෙස සාජිඩා රසීක් සහ සීනාත් සිහාර් පරාජය කරන ලදි. (6/2, 7/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.