Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තෙවැනි තරගයේ ජයත් ද.අප්‍රිකානු කාන්තා පිලට

තෙවැනි තරගයේ ජයත් ද.අප්‍රිකානු කාන්තා පිලට

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර ප්‍රොචෙෆ්ස්ට්‍රෝම්හිදී පැවැති තෙවැනි එක්දින තරගය කඩුලු 6 කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අද (17 වැනිදා) සමත්විය. අයි.සී.සී. කාන්තා ශූරතාව යටතේ මෙම තරගාවලියේදී තරග 3 ක් පැවැත්වෙන අතර එම තරග 3 ජයගත් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ප්‍රසාද ලකුණු 6 ක් හිමිවිය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඕවර 44.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 139 ක් පමණි.

ලකුණු 28 ක් රැස්කළ අනුෂ්කා සංජීවනී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකාරිණය බවට පත්වූවාය. හර්ෂිතා මාධවී ලකුණු 22 ක් රැස් කළාය.

සුනේ ලූස් කඩුලු 4 ක් සහ නඩින් ඩි ක්ලාක් කඩුලු 2 ක් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 140 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ඕවර 38.2 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

ආරම්භක පිතිකාරියන් දෙදෙනා ලකුණු 28 ක් තුල පිටියෙන් ඉවත් කිරීමට ඉනෝකා රණවීර සමත්වුවද තෙවැනි කඩුල්ල සඳහා පන්දු 91 කදී ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ලාරා ගෝඩල් (25) සහ මිග්නන් ඩු ප්‍රිස් සමත්වූහ.

අර්ධ ශතකයක් ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණ කරා රැගෙන ගිය මිග්නන් ඩු ප්‍රිස් පස්වැනි කඩුල්ල සඳහා නඩින් ඩි ක්ලාක් සමගින්ද එක්ව ලකුණු 58 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීය.

පන්දු 87 කට මුහුණදුන් මිග්නන් ඩු ප්‍රිස් හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 61 ක් රැස්කළ අතර නඩින් ඩි ක්ලාක් පන්දු 44 කදී හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 20 ක් රැස්කළාය.
ඉනෝකා රණවීර කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවාය.

 


ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම - ඕවර 44.2 කදී සියලුදෙනා දැවී 139
(අනුෂ්කා සංජීවනී 28, හර්ෂිතා මාධවී 22, නිලක්ෂි ද සිල්වා 26, සුනේ ලූස් 30/4, නඩින් ඩි ක්ලාක් 30/2)

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම - ඕවර 38.2 කදී කඩුලු 4 ක් දැවී 141
(ලාරා ගෝඩල් 25, මිග්නන් ඩු ප්‍රිස් නොදැවී 61, නඩින් ඩි ක්ලාක්  නොදැවී 20, ඉනෝකා රණවීර 23/3)

 


අදහස් (0)

තෙවැනි තරගයේ ජයත් ද.අප්‍රිකානු කාන්තා පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.