Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන අගෝස්තු 19 සිට 30 දක්වා චීන-තායිපේ හි දී පැවැත්වීිමට නියමිත 29 වැනි ජගත් විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල සඳහා ලංකාවෙන් ක්‍රීඩා කණ්ඩායම් හතක් සහභාගී කරවීමට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමය තීරණය කොට ඇත. මලල ක්‍රීඩා, මේස පන්දු, බැඞ්මින්ටන්, පිහිණුම්, බර ඉසිලීම්, ටෙනිස් සහ ටයිකොන්ඩෝ යන ක්‍රීඩා කණ්ඩායම් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසු බවට යෝජනා වී ඇත.
මෙම ක්‍රීඩා උළෙලට යැවෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම මේ දිනවල සිදු කෙරෙන අතර ජවන හා පිටිය මලල ක්‍රීඩා තරග සඳහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ අවසන තේරිම් තරග මෙම 27 සහ 28 යන දිනවල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකිර්ණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල මලල ක්‍රීඩා තරගාවලිය ආශ්‍රිතව සිදු කිරීමට නියමිතය.
පිහිණුම් ක්‍රීඩාවෙන් දැනටමත් ක්‍රීඩකයින් 3ක් සහ ක්‍රීඩිකාවන් 3ක් තෝරා ගෙන ඇත. අදාළ ක්‍රීඩා උළෙලට යැවෙන මලල ක්‍රීඩා කණ්ඩායම 20 දෙනෙකුට සීමා වන අතර සමස්ත ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම 50 ඉක්මවන සංඛ්‍යාවක් විය හැකි බව ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමය පවසයි.
සිවු වසරකට වරක් ජගත් විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සමානව සංවිධානය කෙරෙන අතර ඔලිම්පික් පදක්කම් ලාභීන් රැසක් මෙම ක්‍රීඩා උළෙලට සහභාගී වීම ද විශේෂත්වයකි.
මෙවර ක්‍රීඩා උළෙල ක්‍රීඩා 21 ක් ඇතුළත් කොට ඇත. ඊට ලොව සෑම රටකින්ම විශ්ව විද්‍යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් ක්‍රීඩා කණ්ඩායම් ඉදිරිපත් කෙරෙන අතර සහභාගීවීමට අපේක්ෂිත සමස්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 14,000 ඉක්මවාලිය හැකි බව ජගත් විශ්ව විද්‍යාල ක්‍රීඩා සම්මේලනය පවසයි.
අවසන් වරට 2015 වසරේදී ජගත් විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල දකුණු කොරියාවේදී පැවැත්විණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.