Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජාතික දැල්පන්දු සංචිතයේ ක්‍රීඩිකාවන් පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගැනීමෙන් පසුව මෙම සෙනසුරාදා (12) බණ්ඩාරගමදී පැවැත්වීමට නියමිත තේරීම් තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් කැඳවීම සීමා කර තිබේ. කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගත් ක්‍රීඩිකාවන් ගණන පහක් වන බව ඒ පිළිබඳව ‘ලංකාදීපය’ කළ විමසුමකදී ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි රංජිනී ජයකොඩි මහත්මිය පැවැසුවාය.
ලබන සැප්තැම්බර් මාසයේ සිංගප්පූරැවේදී පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය ඉලක්ක කරමින් ජාතික දැල්පන්දු සංචිතයේ මූලික පුහුණුවීම් හා ශාරීරික අභ්‍යාස ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යංශ පිටියේදී දැන් පැවැත්වේ.
කාණ්ඩ තුනක් යටතේ ක්‍රීඩිකාවන් 100 කට ආසන්න පිරිසක් මේ වන විට පුහුණුවීම් වලට යොමුකර ඇති දැල්පන්දු සම්මේලනය ලබන සෙනසුරාදා පෙරවරු 8.00 ට බණ්ඩාරගම ගෘහස්ථ පිටියේදී තවත් ක්‍රීඩිකාවන් කිහිප දෙනකු තෝරාගැනීමට බලාපොරොත්තුව සිටියේය.
මෙම ක්‍රීඩිකාවන් නේවාසික ගත කිරීමෙන් පසුව ජාතික දැල්පන්දු සංචිතය ක්‍රීඩිකාවයන් 21 දෙනෙකුට සීමා කෙරේ. ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය ලෙස පත්වීම් ලද හයිසින්ත් විජේසිංහ මහත්මියගේ මෙහෙයවීමෙන් එහි පුහුණුවීම් පවත්වාගෙන යයි.
මේ අතර සංචිතයේ ශාරීරික අභ්‍යාස මෙහෙයවීම සඳහා රෝෂිණී බෝවත්ත මහත්මිය කැඳවා තිබේ.
ජාතික සහයක දැල්පන්දු පුහුණුකරු ධුරය පිරවීම සඳහා දැල්පන්දු සම්මේලනය මේ වනවිට අයැදුම්පත් කැඳවා අවසන් කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.