Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
මීළග (2025) දකුණු ආසියානු (සාෆ්) ශූරතා පාපන්දු තරගාවලිය දැනට පැවැත්වෙන තරග රටාවෙන් බැහැර කරමින් සියලුම ප්‍රතිවාදීන් එකි නෙකා මුණ ගැසෙන ලීග් ක්‍රමයට පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.
ඒ පෙරේදා (8) බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැති දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක සභා රැස්වීමේදීය.ඒ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති උමාර් ජස්වර් මහතා සහභාගි විය.
ඔහු පැවැසුවේ නව යෝජනාවට අනුව සාෆ් තරගාවලිය නව ක්‍රමයට අනුව කණ්ඩායමකට සියලුම ප්‍රතිවාදීන් මුණ ගැසෙන ක්‍රමයට පැවැත්වෙන්නේ නම් එය විශාල ලෙස වියදම් ඉහළ යනවා පමණක් නොව අධික කාලයක්ද වැය වන බවයි.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලෙස ගතහොත් ඔවුන්ට සිය රටේදී හා රටෙන් පිටතදී තරගාවලියේ මූලික වටයේදී පමණක් තරග හයකට මුහුණදීමට සිදු වනු ඇත.මෙම කාරණා සැලකිල්ලට ගෙන නව යෝජනාව අධ්‍යනය කිරිම සදහා සාමාජීක රටවල් ප්‍රමාණවත් කාලයක් ඩකා රැස්වීමේදී ඉල්ලා සිටි බව උමාර් ජස්වර් මහතා පවසයි.
1993 දී ආරම්භ වීමෙන් පසුව මෙතෙක් 14 වතාවක් පවත්වා ඇති මෙම තරගාවලිය ශ්‍රී ලංකාව ජයගත් මෙතෙක් එකම අවස්ථාව 1995 තරගාවලියේ ශූරතාව දිනා ගැනීමෙන් වාර්තා විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.