Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(තලවකැලේ ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)
සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ අතිශූර ක්‍රීඩකයාට හිමි ශූරතාව මෙවර හිමිකර ගැනීමට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන, අඹගමුව මධ්‍ය මහ විදුහලේ අයෝමාල් අකලංක සමත් විය.
මෙම තරගාවලියේදී වයස 20න් පහළ බාලක මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේදී නව තරග වාර්තාවක් පිහිටුවමින් ජයගැනීමට අයෝමාල් අකලංක (තප්පර 51.15) සමත් විය.
මීට අමතරව මෙවර සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේදී ගිනිගත්හේන, අඹගමුව මැදි මහ විදුහල නියෝජනය කරමින් ඉදිරිපත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් හතරක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ලබා ගත්තේය.
පදක්කම්ලාභීන්-
වයස 20න් පහළ බාලක
මීටර් 400-අයෝමාල් අකලංක- රන් පදක්කම
මීටර් 400 (කඩුලු මතින් පැනීම) අයෝමාල් අකලංක-රන් පදක්කම ( මෙය නව වාර්තාවකි)
වයස 18න් පහළ බාලිකා
මීටර් 400 (කඩුලු මතින් පැනීම) යු.එම්. සංසලා හිමාශිනී- රන් පදක්කම්
මීටර් 800- යූ.එම්. සංසලා හිමාශිනී- රිදි පදක්කම
මීටර් 400 (කඩුලු මතින් පැනීම)
ඩී.ඒ. ශලිනි හංසිකා-ලෝකඩ පදක්කම
දුර පැනීම- ඩී.ඒ. ශලිනි හංසිකා- ලෝකඩ පදක්කම
මීටර් 400 සහාය දිවීම - රන් පදක්කම
යූ.එම්. සංසලා හිමාශිනී, ඩී.ඒ. ශලිනි හංසිකා, ඩබ්ලිව්.ජී. දුල්නුවනි මිනිමුතු සහ එස්.ඒ.ජී.ඒ. සෙනුරිකා (මෙය නව තරග වාර්තාවකි)
මීටර් 400 සහාය දීවීමේ තරඟය ජයගත් ක්‍රීඩිකාවන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.