Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු අපි‍්‍රකාවට කඩුලූ 7 ක ජයක්

දකුණු අපි‍්‍රකාවට කඩුලූ 7 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණු අපි‍්‍රකානු පිල සහ  ඕස්ටේ‍්‍රලියානු පිල අතර  ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඞ්  ඕවල් කි‍්‍රඩාංගණයේදී පැවැති පළමු විස්සයි20 කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 7 ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අපි‍්‍රකානු පිල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 145 ක ඉලක්කයක් හඹාගිය දකුණු අපි‍්‍රකානු පිල, කඩුලූ 3 ක් පමණක් දැවී පන්දු 6 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියේය.

තරගයේ වීරයා බවට පත්වූ රිලී රෝසොව් පන්දු 50 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් වේගවත් ලකුණු 78 ක් රැස්කළේය.  

දකුණු අපි‍්‍රකානු පිලේ පළමු කඩුල්ල ලකුණු 0 දී බිඳවැටුණද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 87 කදී ලකුණු 129 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රිලී රෝසොව් සහ ක්වින්ටින් ඩි කොක් (46) තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියානු පිල නියමිත  ඕවර 20 අවසානයේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 144 ක් ලබාගත්තේය.

ඕස්ටේ‍්‍රලියානු පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ෂේන් වොට්සන්, පන්දු 36 කදී හයේ පහර 3 ක් සමගින් ලකුණූ 47 ක් රැස්කිරීමට සමත්විය.

අවසන්  ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරතවූ ජේම්ස් ෆෝක්නර්, හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් පන්දු 33 කදී නොදැවී ලකුණු 41 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ කයිල් ඇබට් දකුණු අපි‍්‍රකානු පිල වෙනුවෙන් ලකුණු 21 කට කඩුලූ 3 ක් දවාගත්තේය.

ඕස්ටේ‍්‍රලියානු පිල - ඕවර 20 කදී කඩුලූ 6 කට 144
(කැමරන් වයිට් 24, ඒරන් ෆින්ච් 14, ෂේන් වොට්සන් 47, ජේම්ස් ෆෝක්නර් නොදැවී 41, කයිල් ඇබට් 21/3)

දකුණු අපි‍්‍රකානු පිල - ඕවර 19 කදී කඩුලූ 3 කට 145
(ක්වින්ටින් ඩි කොක් 46, රිලී රෝසොව් 78)

-036

 


අදහස් (0)

දකුණු අපි‍්‍රකාවට කඩුලූ 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.