Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන මාසයේදී පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියෙන් පසුව බංග්ලාදේශයට එරෙහිව තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සත්කාරකත්වය ලබාදීමට දකුණු අප්‍රිකාව සූදානමින් සිටියි.
එහි පළමු ටෙස්ට් තරගය මාර්තු මස 31 වැනිදා සිට අප්‍රේල් මස 4 වැනිදා දක්වා ඩර්බන්හිදී පැවැත්වීමට නියමිත අතර දෙවැනි තරගය අප්‍රේල් මස 8 වැනිදා සිට 12 වැනිදා දක්වා ශාන්ත ජෝර්ජ්හිදී පැවැත්වීමට නියමිතය. තරග දෙකම ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග ලෙස පැවැත්වේ.
ඉන්දියාවට එරෙහිව සිය රටේදී 2-1 ක තරගාවලි ජයක් ලැබීමෙන් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායම, ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සඳහා මෙම මස මැදදී නවසීලන්තයේ සංචාරයක නිරත වීමට සූදානමින් සිටියි.
ඉන් අනතුරුව බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග 3 කට ක්‍රීඩා කිරීම සඳහා යළිත් සිට රටට පැමිණෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම, මාර්තු මස 18, 20 සහ 23 යන දිනවල ප්‍රෙටෝරියාහිදී සහ ජොහැන්නස්බර්ග්හිදී එම තරග තුනට සහභාගි වීමට නියමිතය.
අන්තර් ජාතික ක්‍රිකට් සුපිරි ලීගය යටතේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය එම තරග 3 ක්‍රීඩා කරන අතර එහිදී එම කණ්ඩායම් ලබාගන්නා ලකුණු 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට ඍජුවම සුදුසුකම් ලබාගැනීම සඳහා ඔවුන්ට වැදගත් වනු ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.