Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ ක්‍රිකට් සංගමය හා ඉන්දීය නීතිඥවරුන්ගේ සංගමය එක්ව ප්‍රථම වරට සංවිධානය කරනු ලබන දකුණු ආසියානු නීතිඥවරුන්ගේ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 30 වැනිදා සිට අප්‍රියෙල් 5 දක්වා කොළඹදී පැවැත්වේ.
මෙම තරගාවලිය සඳහා බැංගලෝරය, නවදිල්ලිය, මුම්බායි, කොල්කටා, ලාහෝරය, කරච්චි, ඩකා සහ කොළඹ යන නගර නියෝජනය කරන නීතිඥවරුන්ගේ කණ්ඩායම් රැසක් සහභාගි වීමට නියමිතය.
තරගාවලියේ මූලික වටයේ තරග කෝල්ට්ස්, බී.ආර්.සී හා තර්ස්ටන් යන ක්‍රීඩාංගණ වල පැවැත්වේ. අවසන් මහ තරගය අප්‍රියෙල් 5 දා කොළඹ සී.සී.සී ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සමාරම්භක උත්සවය උළෙල මාර්තු 30 දා සවස කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
සියලුම තරග වල සජීවී විකාශන ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් සංගමයේ නිල යූ ටියුබ් චැනලය ඔස්සේ විකාශය කෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.