Last Update  :  2025-03-21 20:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු පළාත් තරගාවලිය 14 දා සිට

දකුණු පළාත් තරගාවලිය 14 දා සිට

editorial - 2022 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු පලාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන ප්‍රේමසිරි හැලඹගේ අනුස්මරණ කුසලාන සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ විවෘත බැඩ්මින්ටන් තරගාවලිය මෙම මස 14 වැනිදා සිට දින 6 ක් පුරා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සහ ගාල්ල දඩල්ල ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ඉසව් 5 යටතේ එහිදී ප්‍රධාන වශයෙන් තරග පැවැත්වේ. ඊට අමතරව කනිෂ්ඨ තරගකරුවන් සඳහා වයස අවුරුදු 13 සිට 19 දක්වාද, ජ්‍යෙෂ්ඨ තරගකරුවන් සඳහා අවුරුදු 30 සිට 65 දක්වාද එහිදී තරග පැවැත්වේ.

එම ඉසව් සඳහා අයැදුම්පත් 930 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ අවුරුදු 15 න් පහළ වයස් කාණ්ඩය සඳහා බව තරග සංවිධායකයෝ පවසති. තරගාවලියේ ජයග්‍රාහික ජයග්‍රාහිකාවන් සඳහා පදක්කම් සහ සහතිකපත් පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති. 

කොවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂක පියවරක් ලෙස තරගකරුවන්ට පමණක් තරග පැවැත්වෙන ස්ථානවලට ඇතුළුවීමට අවසර දෙන බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සහ දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමය නිවේදනය කරයි. 

-036 


අදහස් (0)

දකුණු පළාත් තරගාවලිය 14 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.