Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු පළාත් දිස්ත්‍රික් මලල ක්‍රීඩා අද - හෙට​ බෙලිඅත්තේදී

දකුණු පළාත් දිස්ත්‍රික් මලල ක්‍රීඩා අද - හෙට​ බෙලිඅත්තේදී

editorial - 2024 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරනු ලබන දකුණු පළාත් අන්තර් දිස්ත්‍රික් මලල ක්‍රීඩා උලෙළ අද (3) සහ හෙට (4) බෙලිඅත්ත ඩී.ඒ. රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

දකුණු පලාත් ක්‍රීඩා අධ්‍යක්ෂක සකුන්තලා මධුවන්ති මහත්මියගේ සම්බන්ධීකරණයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ක්‍රඩා උළෙල අද (3) පෙරවරුවේදී ආරම්හ කෙරේ.

දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට තුන් දිසාවේ ක්‍රීඩක, ක්‍රීඩිකාවෝ මලල ක්‍රීඩා ඉසව් 33ක් සදහා එහිදී තරග වදිති.

මේ තරගාවලියෙන් තෝරාගනු ලබන මලල ක්‍රීඩක, ක්‍රීඩිකාවන් මෙවර පැවැත්වෙන ශ්‍රී ලංකා ජාතික මහා ක්‍රඩා උළලේ මලල ක්‍රීඩා තරගාවලිය සදහා දකුණු පළාත නියෝජනය කිරීමට අවස්ථාව උදාකර ගනිති.


අදහස් (0)

දකුණු පළාත් දිස්ත්‍රික් මලල ක්‍රීඩා අද - හෙට​ බෙලිඅත්තේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.