Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු පළාත් පාසල් චෙස් තරග 25 - 26

දකුණු පළාත් පාසල් චෙස් තරග 25 - 26

editorial - 2022 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ පි.ද.එස්.කුලරත්න විද්‍යාලයීය දෙමාපිය චෙස් සංගමය සංවිධානය කරනු ලබන දකුණු පළාත් පාසල් චෙස් තරගාවලිය මේ මස 25 සහ 26 දෙදින අම්බලන්ගොඩ පි.ද.එස් කුලරත්න විද්‍යාලයේදී පැවැත්වේ .

තරගාවලිය වයස 6න් පහළ , 7න් පහළ, 8න් පහළ, 9න් පහළ , 11න් පහළ, 13න් පහළ, 15න් පහළ සහ 19න් පහළ වශයෙන් බාලක හා බාලිකා අංශ දෙකින්ම පැවැත්වේ .

මෙම චෙස් තරගාවලියට සහභාගිවිය හැක්කේ දකුණු පළාතට අයත් ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණි .

තරගාවලිය තරග වට හයකින් සමන්විත වන අතර තරගාවලිය පැවැත්වෙන දින දෙකේ එක දිනයක  තරග වට තුන බැගින් තරග වට හය නිමාවට පත් කෙරේ .

 මේ තරග වට හයෙන් ලබා ගන්නා අනුපිලිවෙල මත එක් එක් වයස් කාණ්ඩවල බාලක බාලිකා ජයග්‍රාහකයින් තෝරාගනු ලබන බව තරග සංවිධායකයෝ පවසති.

එමෙන්ම හොදම බාලක ,බාලිකා සහ මිශ්‍ර පාසල ද මෙහිදී තෝරාගනු ලබන බවත් එම පාසල්වලට කුසලාන පිරිනමනු ලබන බවත් ඔවුහු වැඩිදුරටත් කියති.


අදහස් (0)

දකුණු පළාත් පාසල් චෙස් තරග 25 - 26

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.