Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල, දඩල්ල පළාත් ක්‍රීඩා සංකීර්ණය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට පැවරීමේ ගිවිසුම බලගැන්වීම මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදී නිමාවට පත් වූ ජනාධිපති ඩයලොග් රන් කුසලාන වොලිබෝල් තරග මාලාවේ ජයසංකේත ප්‍රදනෝත්සවයට සමගාමීව සිදුකෙරුණි.
වසර 30කට බලපැවැත්වෙන පරිදි මෙම පැවරීම සිදුකෙරුණි. එහිදී ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය වෙනුවෙන් එහි ලේකම් ඒ.එස්. නාලක යන මහත්වරුන් ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පිටපත් හුවමාරු කරගත් අයුරු.
එහිදී ගිවිසුමේ මැදිහත්කරු ලෙස කටයුතු කළ ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ, වොලිබෝල් සම්මේලනයේ සභාපති, නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය, එහි උප සභාපති කංචන ජයරත්න යන මහත්වරු ද මෙහි වෙති.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 800 ක වියදමින් දඩල්ලේ ඉදි වූ දකුණු පළාත් නව ක්‍රීඩා සංකීර්ණයට මීටර් 400ක ධාවන පථයකින් යුත් එළිමහන් පිටියක්, ගෘහස්ථ පිටියක්, පිහිනුම් තටාකයක්, ප්‍රේක්ෂකාගාර පද්ධතියක් හා කායවර්ධන මධ්‍යස්ථානයක් ඇතුළත්ය.
ඉදිරියේදී එහි නේවාසිකාගාරයක්ද ස්ථාපිත කෙරෙන අතර දඩල්ල ක්‍රීඩා සංකීර්ණය මෙතැන් පටන් ‘වොලිබෝල් හවුස්’ (වොලිබෝල් පියස) ලෙස නම් කෙරේ. එය වොලිබෝල් සම්මේලනයේ භාරයේ පැවැතියත් එහි පහසුකම් ජාතික ක්‍රීඩා සංගම්, පාසල් හා ක්‍රීඩා සමාජ සඳහා සහනදායී මිල ගණන් යටතේ ක්‍රීඩා උත්සව හා විශේෂාංග සඳහා ලබාගැනීමේ අවස්ථාව සලසා ඇතැයි ඒ පිළිබඳව අදහස් දැක්වූ වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.