Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ආදි චෙස් ක්‍රීඩක සංගමය 11වැනි වරටත් සංවිධානය කරන ධම්සෝ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුලු දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සහභාගීත්වයෙන් මැයි මස 17 සිට 21 දක්වා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මුදලිඳු තෝමස් ද සිල්වා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සදහා පිරිනමනු ලබන මුදල් ත්‍යාග මල්ල රුපියල් ලක්ෂ දහසයකට වැඩි බව තරග සංවිධායකයෝ කියති. දකුණු පළාතේ පලමු වරට සංවිධානය කෙරුණු හා මෙරට පාසලක් විසින් මෙරට පවත්වනු ලබන පැරණිතම සහ එකම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය වන මෙම චෙස් තරගාවලියට මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 යක් පමණ සහභාගී වන බව තරග සංවිධායකයෝ කියති. ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය හා මග පෙන්වීම යටතේ තරගාවලිය පැවැත්වේ.
මෙතෙක් පවත්වා ඇති ධම්සෝ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලි දහයෙන් නවයකම විවෘත ශූරතාව ඉන්දියාව දිනා ගත් අතර එකම තරගාවලියක පමණක් විවෘත ශූරතාව ලංකාවට හිමිවිය. එම ශූරතාව දිනා ගත්තේ ජී. සී. අනුරුද්ධ විසිනි.
මෙම තරගාවලිය තරග වට 10 යකින් සමන්විතය. තරගාවලියේ ආරම්භක දිනයේ සිටම දිනකට තරග වට දෙකක් බැගින් තරග වට දහය නිමාවට පත් කෙරේ.
තරග වට දහයෙන් ලබා ගන්නා ලකුණු අනුපිළිවෙල මත තරගාවලියේ විවෘත ශූරතාව, අනු ශූරතාව, තෙවැනි ස්ථානය මෙන්ම වයස් කාණ්ඩ ශූරතාත් පිරිනැමේ. වයස 6න් පහළ, 8 පහළ, 12 පහළ ,14 න් පහළ සහ 16 න් පහළ යන වයස් කාණ්ඩවල බාලක සහ බාලිකා වශයෙන් තරග පැවැත්වෙයි.
තරගාවලිය සදහා සහභාගිවීමට අපේක්ෂාවෙන් සිටින චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී, ජාත්‍යන්තර චෙස් ක්‍රීඩා විනිසුරු මලිත් අකලංක (0718-740372) හෝ තරග සංවිධායක සසිත් නිපුන් (076-8575933) යන මහත්වරුන්ගේ ජංගම දුරකතන හා වට්ස් ඇප් අංක වලට සම්බන්ධ වීමෙන් තරගාවලිය පිළිබදව වැඩි විස්තර ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.