දඹුල්ල - මහනුවර ලාංඡන වෙනස් කරයි
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දඹුල්ල හෝක්ස් කණ්ඩායම් හිමිකරුවන් විසින් සිය කණ්ඩායමේ නම සහ නිල ලාංඡනය වෙනස් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව දඹුල්ල හෝක්ස් කණ්ඩායම මෙතැන් පටන් දඹුල්ල ලයන්ස් ලෙස වෙනස් වනු ඇත.
දඹුල්ල ලයන්ස් පිලේ දේශීය සුවිශේෂී ක්‍රීඩකයා ලෙස දසුන් ශානක කටයුතු කරන අතර කාලෝස් බ්‍රැත්වේට්, සමිට් පටෙල්, පෝල් ස්ටර්ලිං, ජෝන්සන් චාර්ල්ස් විදේශීය ක්‍රීඩකයෝ ලෙස කටයුතු කණ්ඩායමට එක්ව සිටිති.
කුසල් ජනිත් පෙරේරා දේශීය සුවිශේෂී ක්‍රීඩකයා ලෙස කටයුතු කරන මහනුවර ටස්කර්ස් පිලේ නිල ලාංඡනය වෙනස් කිරීමටද එහි හිමිකරුවන් පියවර ගෙන තිබේ. ක්‍රිස් ගේල්, ලයාම් ප්ලන්කට්, වහබ් රියාස්, නවීන් උල් හක්, ඉර්ෆාන් පතන් සහ රහ්මනුල්ලා ගුර්බාස් මහනුවර ටස්කර්ස් පිලේ විදේශීය ක්‍රීඩකයෝ ලෙස කටයුතු කරති.