Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දවිසමර විදුහලට වොලිබෝල් බාලක ශූරතා දෙකක්

දවිසමර විදුහලට වොලිබෝල් බාලක ශූරතා දෙකක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බස්නාහිර පළාත් පාසල් කී‍්‍රඩා තරගාවලියේ වයස 17 පහළ සහ 19 න් පහළ වොලිබෝල් බාලක ශූරතා ද්විත්වයම දිනාගැනීමට මීගමුව, සීදුව දවිසමර විදුහල සමත්විය. 19 න් පහළ බාලිකා ශූරතාව ගම්පහ, වේයන්ගොඩ මධ්‍ය මහ විදුහල දිනාගත්තේය.

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපරේතමේන්තුවේ මෙහෙයවීමෙන් කී‍්‍රඩා අධ්‍යක්ෂ උපාලි  අමරතුංග සහ සහකාර කී‍්‍රඩා අධ්‍යක්ෂ කාන්තසිරි මීගමුවගේ යන මහත්වරු මෙම තරගාවලිය සංවිධානය කළහ.

තරගාවලියේ සියලූ තරග හංවැල්ල රාජසිංහ මැදි විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

වයස 15 න් පහළ - බාලක
කිරිඳිවැල මහා විදුහල (ගම්පහ කලාපය) විසින් කුරුවමුල්ල මහා විදුහල (ගම්පහ කලාපය) පරාජය කරන ලදි.

වයස 17 න් පහළ - බාලක
සීදුව දවිසමර විදුහල (මීගමුව කලාපය) විසින් මාරිස්ටෙලා විදුහල (මීගමුව කලාපය) පරාජය කරන ලදි.

වයස 19 න් පහළ - බාලක
සීදුව දවිසමර විදුහල (මීගමුව කලාපය) විසින් මාරිස්ටෙලා විදුහල (මීගමුව කලාපය) පරාජය කරන ලදි.

වයස 15 න් පහළ - බාලිකා
කිරිඳිවැල සංඝමිත්තා බාලිකා මහා විදුහල (ගම්පහ කලාපය) විසින් රදාවාන මහගමසේකර මහා විදුහල (ගම්පහ කලාපය) පරාජය කරන ලදි.

වයස 17 න් පහළ - බාලිකා
පානදුර අගමැති බාලිකා විදුහල (කළුතර කලාපය) විසින් රදාවාන මහගමසේකර මහා විදුහල (ගම්පහ කලාපය) පරාජය කරන ලදි.

වයස 19 න් පහළ - බාලිකා
වේයන්ගොඩ මධ්‍ය මහා විදුහල (ගම්පහ කලාපය) විසින් ශ්‍රී ධර්මාලෝක විදුහල (කැලණිය කලාපය) පරාජය කරන ලදි.

036


අදහස් (0)

දවිසමර විදුහලට වොලිබෝල් බාලක ශූරතා දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.