Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වයිරසය ආසාදනයවී සිටි ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායම්හි නායක දසුන් ශානක මේ වනවිට සම්පූර්ණයෙන් සුවය ලබා ඇතැයි වාර්තා වේ. දසුන් ශානක ඒ බව ප්‍රකාශ කරමින් ඔහුගේ ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණි.
දවසින් දවස තමන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉහළ යමින් තිබෙන බවත් තවත් දින දෙකකින් පමණ නැවත පුහුණුවීම් පටන් ගැනීමට හැකි බවත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා සඳහන් කර කර තිබුණි. වාර්තාවන පරිදි මේ මස 16 වැනිදා සිම්බාබ්වේ පිලට එරෙහිව ආරම්භවීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ඔහුට ක්‍රීඩා කිරීමට හැකියාව ඇති බව ආරංචි මාර්ග පවසයි.
සිම්බාබ්වේ පිලට එරෙහිව ආරම්භවීමට නියමිත එක්දින තරගාවලියට පෙර ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පරීක්‍ෂා කිරීම සඳහා යෝග්‍යතා පරීක්‍ෂණයක් මේ මස 7 වැනිදා පැවැත්වීමට නියමිතය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.