Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දහයයි10 ලීග් තරගාවලියක් පෙබරවාරියේදී

දහයයි10 ලීග් තරගාවලියක් පෙබරවාරියේදී

editorial - 2020 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) විස්සයි20 තරගාවලිය සාර්ථකව පැවැත්වීමත් සමඟ ලබන වසරේ පෙබරවාරි මාසයේදී දහයයි10 ලීග් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ.

පෙබරවාරි මස 1 වැනිදා සිට 12 වැනිදා දක්වා දහයයි10 ලීග් තරගාවලිය පැවැත්වීමට දින නියම කර ඇති අතර තරගාවලියට අදාල ටෙන්ඩර් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විටත් පියවර ගෙන තිබේ.

“දහයයි-10 තරගාවලිය අපේ සැලසුම්වල තිබෙනවා. ශ්‍රී ලංකාවට අලුත් අත්දැකීමක් වන එම තරගාවලිය, එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා”. යැයි ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලනන්ත කණ්ඩායම අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් ජනවාරි මායේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය ගාල්ල ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සැලසුම් කර ඇති අකාරයට දයහයි10 තරගාවලියට තරග 17 ක් හෝ 29 ක් ඇතුළත් වීමට නියමිතය. මූලික වටයේදී වැඩිම ලකුණු ලබාගත්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත. තරගාවලිය සඳහා කණ්ඩායම් 6 ක් සහභාගි වීමට නියමිත අතර සංචිතයකට උපරිම ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එක් සංචිතයකට ඇතුළත් විය හැකි උපරිම විදෙස් ක්‍රීඩකයන් සංඛ්‍යාව 6 ක් බවද වැඩි දුරටත් වාර්තා වේ.

තරගාවලිය කොළඹ ආර්.‍ප්‍රේමදාස, මහනුවර පල්ලෙකැලේ සහ රංගිරි දඹුල්ල යන ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට කටයුතු යොදො තිබේ.

-036

 


අදහස් (0)

දහයයි10 ලීග් තරගාවලියක් පෙබරවාරියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.