Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෙදර් පන්දු ක‍්‍රිකට් ක‍්‍රීඩාව දැන් තම ශරීරයට පැමිණ ඇති බවට දැනෙන බව සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් ජාතික කණ්ඩායමට පැමිණි ශ‍්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් ප‍්‍රදීප්, ඩුබායි නුවරදී ‘ලංකාදීප’යට පැවසීය.
ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ශ‍්‍රී ලංකා ජයග‍්‍රහණයේ කොටස්කරුවකු වූ දකුණතින් වේග පන්දු යවන නුවන් පළමු ඉනිමේදී ලකුණු 62 කට කඩුලූ 3 ක් ද, දෙවැනි ඉනිමේදී ලකුණු 50 කට කඩුලූ 2 ක් දවා ගනිමින් තරගයේදීම කඩුලූ 5 ක් දවා ගැනීමට සමත් විය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නුවන් ප‍්‍රදීප් මෙසේ ද පැවසීය.
”මා ලෙදර් පන්දු ක‍්‍රිකට් ක‍්‍රීඩාව ආරම්භ කරේ මීට වසර හයකට පමණ පෙර. මුල් කාලයේ ඇගට වැටුණු දේවල් නිසා තමයි මම හිතන්නේ ආබාධ ඇති වුණේ. මම හිතනවා දැන් තමයි මා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අවතීර්ණ වී තිබෙන්නේ කියලා. දැන් ඇගට ක‍්‍රිකට් ඇවිල්ලා කියලා හිතෙනවා”
”ආබාධවලින් පසු මේ තරගයට සහභාගි වුණේ වසරකට පමණ පසුවයි. ඒ කාලය තුළ ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට සහ අන්තර් සමාජ තරගවලට සහභාගි වෙමින් අත්දැකීම් ලබා ගත්තා”
පෞද්ගලික රූපවාහිනී ආයතනයක් විසින් සංවිධානය කරන ලද සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් තරගාවලියකට සමගාමීව පැවැති වේගයෙන් පන්දු යවන ක‍්‍රීඩකයන් තේරීමේ වැඩසටහනකට සහභාගි වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් නුවන් ප‍්‍රදීප්ට ජාතික කණ්ඩායම දක්වා ඒමට මග පැදුනි.
තවමත් 27 හැවිරිදි නුවන් ප‍්‍රදීප්, කදාන විද්‍යාලෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
ඩුබායි ටෙස්ට් තරගයේ සාර්ථකත්වය පිළිබදව නුවන් ප‍්‍රදීප් මෙසේ අදහස් දැක්වීය.
”එහිදී මගේ මූලික ඉලක්කය වුණේ නියමිත ස්ථානයට පන්දු යවමින් හැකි උපරිම වේලාවක් පන්දු යැවීමයි. ඇත්තටම ලොකු දෙයක් හිතාගෙන පන්දු යව්වෙ නෑ, පුහුණුවීම්වලදී පන්දුව කඩුල්ලෙන් එළියට සහ ඇතුළට දෝලනය කිරීම හැදෑරුවා. ඒ නිසා මම නියමිත ස්ථානයේ පන්දුව පතිත කරන විට නිරායාසයෙන්ම පන්දුව දෙපසට දෝලනය වුණා”
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.