Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
දකුණු කොරියාවේ දී නිමාවට පත්වූ 12 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට සහභාගිවෙමින් සිටිය දී මත්පැන් පානය කරමින් හැසිරුණු බවට චෝදනා ලබා සිටින සංචාරක ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකුට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සූදානම් වේ.
එහිදී නවාතැන් ගෙන සිටි හෝටලයේ කාමරයක දී මෙම ක්‍රීඩිකාවන් තිදෙනා මත්පැන් පානය කරමින් හැසිරුණු බවට චෝදනා එල්ලවී තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිටත් දැල්පන්දු සම්මේලනය චෝදනාලාභී ක්‍රීඩිකාවන් ගෙන්වා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
කොරියාවේ ජනප්‍රියතම දේශීය මත්පැන් වර්ගයක් වන ‘සෝජු’ විනෝදයට පානය කළ බවට මෙම ක්‍රීඩිකාවන් එහිදී ප්‍රකාශ කර ඇතැයි ද වාර්තාවේ.
දකුණු කොරියාවේ ‘ජෙන්ජු’ නුවර දී පැවති මෙම තරගාවලියේ දී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි ස්ථානයට පත්විය. එය එළඹෙන ලෝක කුසලාන යොවුන් දැල්පන්දු තරගාවලියට නිර්දේශ ලබාගැනීමට ද ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් විය. තරගාවලියේ ශූරතාව දිනාගත්තේ අවසන් මහ තරගයේ දී සිංගප්පූරුව පරාජය කළ මලයාසියාව විසිනි.
හොංකොං පරාජය කරමින් ශ්‍රී ලංකාව එහිදී තෙවැනි ස්ථානය තේරීමේ තරගය ජය ගත්තේය. වයස 21 න් පහළ ක්‍රීඩිකාවන් තරග වැදුණු මෙම ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පාසල් ක්‍රීඩිකාවන් පිරිසක් ද ඇතුළත්ව සිටියහ.
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ප්‍රකාශිකාවක් ‘ලංකාදීප’යට පැවසුවේ චෝදනාලාභී ක්‍රීඩිකාවන් තිදෙනා අවබෝධයෙන් තොරව මෙම සිදුවීමට සම්බන්ධවී තිබෙන බවට කරුණු අනවරණය වී තිබෙන බවයි. කෙසේවුවත් මෙම ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් ඉදිරියේ දී සුදුසු විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් එහිදී ඇය වැඩිදුරටත් පැවසුවාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.