Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දැල්පන්දු සම්මේලනයේ නිල කාලය වසර 2 ක්

දැල්පන්දු සම්මේලනයේ නිල කාලය වසර 2 ක්

editorial - 2022 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණයකින් පත්වන විධායක සභාවක නිල කාලය වසර දෙකක් ලෙස පවත්වා ගෙන යාම සඳහා ඉදිරිපත් වූ යෝජනාවකට මධ්‍යම කමිටු රුස්වීමේ දී අනුමැතිය හිමිව තිබේ. මෙතෙක් දැල්පන්දු සම්මේලනයේ නිලවරණයකින් පත්වන විධායක සභාවක නිල කාලය වසරකට සීමා විය. 

දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි රංජනි ජයකොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් දැල්පන්දු සම්මේලනයේ මධ්‍යම කමිටු රුස්වීම ඉකුත්දා එම සම්මේලනයේ දී පැවැත්වුණි.

දැල්පන්දු සම්මේලනයේ පත්වන විධායක සභාවක නිල කාලය වසර දෙකක් ලෙස පවත්වාගෙන යාම සඳහා ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය සභාපති ධූරය දැරෑ 2018 වසරේ දී මධ්‍යම කමිටුවට ඉදිරිපත් වූ යෝජනාවක් එකල ද සම්මත වී තිබුණු බව වාර්තා වේ.

කෙසේවුවත් දෝෂ සහගත තත්ත්වයක් හේතුවෙන් එය ක්‍රීඩා අමාත්‍යංශයට අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේදී ප්‍රතික්ෂේප වී තිබේ. ඒ අතර ට්‍රික්ෂි නානායක්කාර මහත්මිය ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනිය ලෙස පත් වූ අවස්ථාවක දී විධායක සභාවේ නිල කාලය ක්‍රීඩා පනතට අනුකූලව සිව් වසරක කාලයක් ලෙස අර්ථ ගැන්වීමට දැරෑ උත්සහයක් ද ක්‍රීඩා අමාත්‍යංශයෙන් ප්‍රතික්ෂේප විය. 
කෙසේ වෙතත් විධායක සභාවක නිල කාලය වසර දෙකකට බල ගැන්වීමට ඉකුත්දා පැවැති මධ්‍යම කමිටු රුස්වීමේ දී අනුමැතිය ලැබී තිබේ.

මේ අතර යුද හමුදා දැල්පන්දු සංගමය සම්මේලනයේ සාමාජික නව සංගමයක් ලෙස නිල වශයෙන් පිළිගැනීම, ඒ සම්බන්ධයෙන්  ඉදිරිපත්ව තිබෙන විරෝධතාව විභාග කර අවසන් වනතෙක් තවදුරටත් ප්‍රමාද කෙරෙන බව රංජනී ජයකොඩි මහත්මිය ලංකාදීපය කළ විමසුමක දී පැවසුවාය.

දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනියක් විසින් ගොනුකර තිබෙන එම විරෝධතාවය මේ වන විට විනය කමිටුවේ තවදුරටත් විභාග වෙමින් පවතින බව ද වාර්තා වේ.

ඒ අතර පැවති මධ්‍යම කමිටු රැස්වීමේ දී සංගම් නියෝජිතවරියන් කීපදෙනෙකු උද්වේගකාරව අදහස් දැක්වීමට යාමෙන් එය උණුසුම් මුහුණුවරක් ගත් බවද වැඩිදුරටත් වාර්තාවේ.


අදහස් (0)

දැල්පන්දු සම්මේලනයේ නිල කාලය වසර 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.