Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිනෙත් ජයකොඩි (නොදැවී 100) සහ සදීෂ් ජයවික්රම (නොදැවී 50) පස්වැනි කඩුල්ලට ගොඩනැගූ වාර්තාගත සම්බන්ධතාව නිසා අද (06) ආරම්භ වූ 86 වැනි ‘ශාන්තුවරයන්ගේ සංග්රාමය’ වාර්ෂික මහ ක්රිකට් තරගයේ පළමු දිනයේ ක්රීඩාව අත්හිටුවන විට ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු හතරක් ලකුණු 191 ක් රැස්කර සිටියේය.
කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර මෙම තරගය පී. සරවනමුත්තු ක්රීඩාංගණයේදී පැවැත්වේ.
ශාන්ත ජෝශප් විදුහල පළමු දිනය අවසන් වන විට කඩුලු හයක් අතැතිව තවත් ලකුණු 33 ක් පමණක් පසු පසින් සිටියේය.
දිනෙත් ජයකොඩි (නොදැවී 100) සහ සදීෂ් ජයවික්රම (නොදැවී 50) දිනය අවසන් වන විට පස්වැනි කඩුල්ලට ලකුණු 147 ක නොබිඳුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ.
මෙම සම්බන්ධතාව ‘ශාන්තුවරයන්ගේ සංග්රාමය’ වාර්ෂික මහ ක්රිකට් තරගයේ පස්වැනි කඩුල්ලේ වසර 63 ක් පැරණි වාර්තාව බිඳ දැමීමකි. පස්වැනි කඩුල්ලේ ඉහළතම සම්බන්ධතාව ලෙස 1957 වසරේ ගොඩනැගූ ලකුණු 141 ක ඊයේ දක්වා පැවතුණි.
පළමුව පන්දුවට පහර දුන් ශාන්ත පීතර විදුහල ඕවර 60 තුළදී සියලු දෙනා දැවී ලකුණු 224 ක් රැස්කළේය.
ළහිරු චේතක සාර්ථකම ඉනිම ක්රීඩා කරමින් ශාන්ත පීතර විදුහල් පළමු ඉනිමට ලකුණු 64 ක් එකතු කළේය.
අෂේන් ඩැනියල් ලකුණු 70 කට කඩුලු හතරක් දවාගනිමින් ශාන්ත ජෝශප් විදුහලේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්විය.
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම ඕවර 60 කදී සියලු දෙනා දැවී 224
(ළහිරු චේතක 64, වනුජ කුමාර 48, ෂෙනාල් බෙතේජු 37, අෂේන් ඩැනියල් 70/4, දුනිත් වෙල්ලාලගේ 39/2)
ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිම ඕවර 41.4 කදී කඩුලු 4 ක් දැවී 191
(දිනෙත් ජයකොඩි නොදැවී 100, සදීෂ් ජයවික්රම නොදැවී 50, ජොහෑන් ද සිල්වා 21, විදුර ලියනගේ 17/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.