Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 106 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ පිරිමි යුගල ශූරතාව දිනාගැනීමට දිනේෂ්කාන්තන් තංගරාජා සහ යසිත ද සිල්වා සමත් වූහ. අවසන් මහ තරගයේදී චාතූර්ය නිලවීරට සහ ටෙහාන් විජේමාන්නට එරෙහිව වට 2-1 ක ජයක් වාර්තා කරමින් දිනේෂ් සහ යසිත එම ශූරතාවට හිමිකම් කීහ.
අවසන් තරගයේ පළමු වටය චාතූර්ය සහ ටෙහාන් හමුවේ ලකුණු 6/3 ක් ලෙස පරාජයට පත් වූ දිනේෂ් සහ යසිත, එම වටයේදී සිදුවූ වැරදි නිවැරදි කරගනිමින් දෙවැනි වටය ලකුණු 6/3 ක් ලෙස ජය ගත්හ. කණ්ඩායම් දෙකටම තීර්ණාත්මක වූ තෙවැනි වටය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර අවසානයේ ලකුණු 12/10 ක් ලෙස ඉන් ජය ලැබූ දිනේෂ් සහ යසිත සමස්ත තරගයෙන් වට 2-1 ක ජයක් ලැබූහ.
පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස විනුජ විජේබණ්ඩාර සහ රුස්තම් අලී පරාජය කරමින් දිනේෂ් සහ යසිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.
චාතූර්ය සහ ටෙහාන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස දිල්වන් හේරත් සහ අර්චන ලොකුගේ පරාජය කරමිනි.
මෙම මස 10 වැනිදා ආරම්භ වූ ජාතික ටෙනිස් තරගාවලිය හෙට (30 වැනිදා) නිමාවට පත්වීමට නියමිතය.
පිරිමි යුගල අවසන් මහ තරගය
දිනේෂ්කාන්තන් තංගරාජා සහ යසිත ද සිල්වා විසින් වට 2-1 ක් ලෙස චාතූර්ය නිලවීර සහ ටෙහාන් විජේමාන්න පරාජය කරන ලදි. (3/6, 6/3, 12/10)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.